විපතට පත් ජනතාවට සහන සලසන්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් හමු වෙයි.

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් ජනතාවට සහන සැලසීම අරමුණු කර ගෙන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් අද කොළඹ පිහිටි විපක්ෂ නායක කාර්යාලයේ දී මෙරට ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් Mathew Duckworth මහතා මුණ ගැසුණි.

එහි දී දෙපාර්ශ්වය අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වය සම්බන්ධයෙන් අදහස් රැසක් හුවමාරු විය. එහි දී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් සුළි කුණාටුව සමග ඇති වූ ආපදා තත්ත්වය නිසා ව්‍යාපාර බිඳ වැටීම, ජන ජීවිත කඩා වැටිම, යටිතල පහසුකම් රැසක් විනාශ වීම සිදු වූ බව පැවසීය. එකී යටිතල පහසුකම් නැවත ස්ථාපිත කර ජන ජීවිත යථා තත්ත්වයට පත් කිරීමට සහයෝගය ලබා දෙන ලෙස ඔස්ට්‍රේලියානු මහකොමසාරිිස්වරයාගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටියේය.

එසේම මේ අවස්ථාවෙ අප රට වෙනුවෙන් ඔස්ට්‍රේලියානු ජනරජය විසින් ලබාදුන් ආධාර සහ සහන සේවා වෙනුවෙන් ද සමස්ත ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සිය ස්තූතිය ඔස්ට්‍රේලියානු රජය සහ ජනතාව වෙත පිරිනැමීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහි දි කටයුතු කළේය.

NEWS CLIP ? https://youtu.be/wmKhZYk-ovA?si=n182wr95Vx51pHFQ

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඡන්ද 90%ක් ගණන් කර අවසන් – ඊශ්‍රායල මැතිවරණයේ පැහැදිලි ජයග්‍රාහකයෙක් නැහැ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 29: ඊශ්‍රායල මහ...

වැසි තත්වයේ ලොකු වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 29) දිනයේදී බස්නාහිර සහ...

අස්වැසුම නව ක්‍රමවේදය යටතේ පවුල් ලක්ෂ 14ක් ලැයිස්තුවෙන් ඉවතට

සටහන - රුවන් නෙළුගොල්ල "අස්වැසුම" ප්‍රතිලාභීන් තෝරාගැනීමේ වැඩසටහනේ නව ක්‍රමවේදය...

වාහන බදු වංචාවකට වරද පිළිගත්තේ නෑ – ජොනීගෙන් නිවේදනයක්

සටහන - රුවන් නෙළුගොල්ල ඊයේ (28) දිනයේදී කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී...