ආපදාවෙන් පූර්ණ හානි වූ නිවාස 5000 ඉක්මවයි!

Date:

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW: පැවති අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් නිවාස 5325ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

තවත් නිවාස 81,163කට අර්ධ හානි සිදුව තිබෙන අතර ආපදා හේතුවෙන් මිය ගිය ගණන 635ක් ලෙස වාර්තා වෙයි.

මේ අතර තවත් 192ක් අතුරුදහන් බවයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරන්නේ.

පූර්ණ නිවාස හානි වැඩිවශයෙන් වාර්තා වී ඇත්තේ මහනුවර දිස්ත්‍රික්කයෙන් වන අතර එය 1815ක් ලෙස දැක්වෙයි.

නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිවාස 767ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇති අතර කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිවස 476ක් සම්පූර්ණයෙන් විනාශ වී තිබේ.

පූර්ණ නිවාස හානි නිවාස 404ක් බදුල්ල දිස්ත්‍රික්කයෙන් වාර්තා වෙයි. පුත්තලම දිස්ත්‍රික්කයේ එම ගණන 415ක් ලෙස දැක්වෙයි.

කෑගල්ල, අනුරාධපුර, පොළොන්නරුව, අම්පාර සහ මාතලේ යන දිස්ත්‍රික්කවල පිළිවෙලින් 300,227,225,111සහ 195ක් ලෙස එම හානිය දක්වා තිබේ.

මෙම දේපල හානි වෙනුවෙන් රජය වන්දි ලබා දීම සිදුකරන අතර නව නිවසක් ඉදිකිරිම වෙනුවෙන් රු.ලක්ෂ 50ක් ලබා දෙන අතර එම ඉදිකිරීම් වෙනුවෙන් රජයේ තෝරාගන්නා ලද ඉඩම් යොදා ගැනීමට නියමිතයි. සුදුසු ඉඩමක් නොමැති අවස්ථාවක ඉඩම මිලදී ගැනීම වෙනුවෙන්ද රු. ලක්ෂ 50ක දීමනාවක් වෙන්කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යුරෝපීය රටවල විවිධාකාර සංස්කෘතීන් මධ්‍යයේ ගලා යන ගංගා රැජිණිය “ඩැනියුබ්”!

සටහන – පුලී දෙසැම්බර් 10, කොළඹ (LNW): ඩැනියුබ් ගඟ යුරෝපයේ...

ආපදා සහන ලබා ගන්නේ කොහොමද?

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: ආපදා සහන කටයුතු වෙනුවෙන් අවශ්‍ය විශේෂ...

නව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු දිවුරුම් දෙයි!

අද (10) පෙරවරුවේ, අභියාචනාධිකරණ විනිසුරු කේ. එම්. ගිහාන් හිමාන්ශු...