ශ්‍රීලනිපයේ සහාය කාටද ? – මධ්‍යම කාරක සභාව සවස රැස්වෙයි

හෙට පාර්ලිමේන්තුවේදී පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරා පත්කර ගැනීමේ ඡන්දයේදී සහාය ලබාදිය යුත්තේ කාටද යන්න සම්බන්ධයෙන් ශ්‍රීලනිප පාර්ශ්වය මේ දක්වා කිසිදු තීරණයක් ගෙන නොමැත. පක්ෂ සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා මීට පෙර ප්‍රකාශ කළේ එකඟතාවයකින් ජනාධිපතිවරයා පත්කර ගැනීමට කටයුතු නොකන්නේ නම් ඡන්දය භාවිතා කිරීමෙන් වැළකී සිටින බවයි.

කෙසේ නමුත් පොදුජන පෙරමුණේ බහුතරය සහ සමගි ජන බලවේගය එකඟතාවයකට පැමිණ එක් අපේක්ෂකයෙකු ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇති නිසා යළිත් සාකච්ඡා කිරීමට ශ්‍රීලනිප නායකයන් තීරණය කර තිබෙනවා. ඒ අනුව අද පස්වරුවේ පක්ෂයේ විශේෂ මධ්‍යම කාරක සභා රැස්වීමක් කැවීමට පක්ෂ නායකත්වය තීරණය කර තිබේ.

දේශපාලන ආරංචි මාර්ග පවසන්නේ බොහෝදුරට ශ්‍රීලනිපයේ සහාය ඩලස් අලහප්පෙරුම මහතාට ලැබෙනු ඇති බවයි.

කෙසේ නමුත් ශ්‍රීලනිප පාර්ශ්වයේ චාමර සම්පත් දසනායක මහතා මේ වනවිටත් රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දක්වන බව ප්‍රකාශ කර තිබෙනවා.

UN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බංග්ලාදේශයේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය ඉන්දියාව අභිබවා යනු ඇතැයි පුරෝකථනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 25: ජාත්‍යන්තර...

ඉරාන නාවිකයන් සඳහා කළ මානුෂීය මෙහෙයුම අවසන්: නාවිකයන් තම මව් රට බලා පිටත්ව යයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : ශ්‍රී ලංකා වෙරළ...

වසර 36කට පසු කන්කසන්තුරේට නව තැපැල් කාර්යාල ගොඩනැගිල්ලක්…

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : නව ගොඩනැගිල්ලට මුල්ගල...

විහාරමහාදේවියේ පැවති අඛණ්ඩ සත්‍යග්‍රහය තාවකාලිකව අත්හිටුවයි!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 25, කොළඹ LNW : කොළඹ විහාරමහාදේවි උද්‍යානයේ...