පාර්ලිමේන්තු පාරේ උද්ඝෝෂණ වළක්වමින් අධිකරණ නියෝගයක්

0
2006

පොල්දූව මං සන්ධියේ සිට පාර්ලිමේන්තු ප්‍රධාන පිවිසුම දක්වා මාර්ගයේ උද්ඝෝෂණ පැවැත්වීම වළක්වාලමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය විසින් නියෝගයක් නිකුත් කර තිබේ.

වැලිකඩ පොලිසිය විසින් කරන ලද ඉල්ලීමක් අනුව මෙසේ මෙම නියෝගය නිකුත් කර ඇත්තේ අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ, ගල්වැව සිරිධම්ම හිමි ඇතුළු 14 දෙනෙකුට සහ වෙනත් තැනැත්තන්ට එරෙහිව ය.

RN