රිෂි සුනක් නැවතත් මුල් තැනට; බ්‍රිතාන්‍ය අගමැති සිහිනය සුබ සිහිනයක් වන ළකුණු …

Date:

කන්සවේටිව් පක්ෂ නායකත්වය හා අනාගත අගමැති අපේක්ෂකත්වය වෙනුවෙන් ඊයේ දින (19) පැවති ඡන්දයේ මුල්ම ස්ථානයට නැවත වරක් හිටපු මූල්‍ය කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂී සුනක් පැමිණ තිබේ. ඔහු ලබා ගන්නා ලද මුළු ඡන්ද සංඛ්‍යාව 118කි. දෙන ස්ථානය මෙවර දිනා ගනු ලැබ ඇත්තේ පෙනී මෝඩන්ට්ය. ඇය දිනාගනු ලැබූ ඡන්ද දංඛ්‍යාව 92කි. තෙවන ස්ථානයට පත් ටස් හිමිකර ගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 86කි. ඒ අනුව පහසුවෙන් රිෂී සිය ජයග්‍රහණය තෙවන ඡන්ද විමසීමෙන් ද තහවුරු කරගෙන ඇත.

තරඟය ආරම්භයේදී ටෝරි කවයෙන් ඔබ්බට එතරම් ප්‍රසිද්ධ නොවූ, හිටපු සමානාත්මතා ඇමතිනී බඩෙනොච් මහත්මිය තරඟයේ පෙරළිකාර අපේක්ෂකයා වූ නමුත් ඇයගේ සෘජු කතා ප්‍රවේශය සහ මෑත වසරවල පක්ෂය දෙකඩ කිරීමට හේතු වූ සංස්කෘතික ප්‍රශ්න කෙරෙහි අවධාරණය කිරීම නිසා ඇය සහයෝගය හා අවධානය දිනා ගැනීමට සමත් විය. නමුත්, මෙවර ඇය ඡන්ද 59 දිනා ගැනීමට සමත් වූ අතර අද (20) පවත්වන ඡන්දය වෙනුවෙන් ඉදිරිපත් නොවනු ඇත.

සිය ජයග්‍රහණය සම්බන්ධයෙන් සහයෝගය ලබා දුන් පිරිසට ස්තූති කරන අතර රිෂී සුනක් ප්‍රකාශ කර තිබුණේ බ්‍රිතාන්‍ය මහජනතාව ආරක්ෂිතව තබා ගැනීම රජයේ මගේ ප්‍රමුඛතාවය වනු ඇති බවත් ,එය සිදු කිරීම සඳහා අවශ්‍ය ඕනෑම දෙයක් කිරීමට තමන් සූදානම් බවත්ය.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...

සුඩානයේ RSF ප්‍රහාර හේතුවෙන් සිවිල් වැසියන් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන : සශිකලා මධුෂාණි  දෙසැම්බර් මස 19: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): සුඩානයේ...

දයාසිරි අදත් ඇවිලෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් අධ්‍යක්ෂ...