අඳුරගන්න ම බැරි අඳුරක

Date:

අඳුරට
මං කැමති
කවි කැලැත්තෙන හින්දයි
අඳුරගන්නම බැරි.

ගන්න ඔය
කවි රොඩුබොඩු
අහකට
ඇහිපිලි නඟන මැසිවිලි
කරදරයි තනි ඇහැකට.

ඔබට ඕනෙම නම්
රිද්දන්න?
රිද්දන්න……
මොන තරම් නම් දත් ද
මද්දන්න.

අසික්කිත හුළඟෙහිම
වැදුණාම
අතීතෙට රිදුණාම
කඳුළු එන්නැති ඇහැට
මොන තරම් සනීපද
මඳහසක හිරගෙයින්
මිදුණාම.

කසි කබල් කවි මත
හිස රැඳෙව්වට
නින්ද යන්නැති එක
මගෙ වැරැද්දද?

මොකද මේ
කලබල?
ඉවසගන්නම බැරිද
තනිකම
ඇස් වහන්නට බැරිද
තනියම?

අඳුරට
මං කැමති
කවි කැලැත්තෙන හින්දයි
අඳුරගන්නම බැරි.

~ මංජුල වෙඩිවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ආපදා කළමනාකරණයට කැබිනට් අමාත්‍යාංශයක් පත්කරන්න – සජිත්ගෙන් ආණ්ඩුවට යෝජනාවක්!

කොළඹ LNW:ආපදා කළමනාකරණය වෙනුවෙන් වෙනම කැබිනට් අමාත්‍යාංශයක් ස්ථාපිත කරන...

අයිස් මත්ද්‍රව්‍ය සමඟ පොලිස් නිලධාරියෙක් අත්අඩංගුවට!

කොළඹ LNW:දෙමටගොඩ පොලීසියට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකු අයිස් මත්ද්‍රව්‍ය සමඟ...

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

මිහින්තලේ සීප්පුකුලමේ ජූරියයි, අලුගෝසුවයි ජනතාව ද? අමානුෂික අලි ඝාතනයට යුක්තිය කෝ?

ආපදාවෙන් ගොඩයන්න පුළුවන්. ආණ්ඩුවට මුදල් තියෙනවා!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:ආපදා තත්ත්වයෙන් රට මුදාගැනීම සඳහා තවත් රුපියල්...