අඳුරගන්න ම බැරි අඳුරක

Date:

අඳුරට
මං කැමති
කවි කැලැත්තෙන හින්දයි
අඳුරගන්නම බැරි.

ගන්න ඔය
කවි රොඩුබොඩු
අහකට
ඇහිපිලි නඟන මැසිවිලි
කරදරයි තනි ඇහැකට.

ඔබට ඕනෙම නම්
රිද්දන්න?
රිද්දන්න……
මොන තරම් නම් දත් ද
මද්දන්න.

අසික්කිත හුළඟෙහිම
වැදුණාම
අතීතෙට රිදුණාම
කඳුළු එන්නැති ඇහැට
මොන තරම් සනීපද
මඳහසක හිරගෙයින්
මිදුණාම.

කසි කබල් කවි මත
හිස රැඳෙව්වට
නින්ද යන්නැති එක
මගෙ වැරැද්දද?

මොකද මේ
කලබල?
ඉවසගන්නම බැරිද
තනිකම
ඇස් වහන්නට බැරිද
තනියම?

අඳුරට
මං කැමති
කවි කැලැත්තෙන හින්දයි
අඳුරගන්නම බැරි.

~ මංජුල වෙඩිවර්ධන

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉන්දියාවට එරෙහි ඇමරිකානු තීරුබදු සියයට 50 සිට සියයට 18 දක්වා අඩු කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 03: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර...

අද නාමල් CIDයට. ශිරන්ති FCIDයට

සටහන - රුවන් නෙළුගොල්ල හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ...

වැසි තත්වයේ වෙනසක් – අද (03) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (පෙබරවාරි 03) දිනයේදී උතුරු, උතුරු-මැද,...

මධ්‍යම අධිවේගයේ ටෙන්ඩරයටත් වංගු ගහන සූදානමක් – ජාතික ඉදිකිරීම් සංගමය ජනපතිට ලියයි !

මධ්‍යම අධිවේගී මාර්ග ව්‍යාපෘතියේ තුන්වැනි අදියරේ දෙවැනි කොටසේ පැකේජ්...