ප්‍රදීප් අමිර්තනායගම් යලි​ත් පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හී අධ්‍යක්ෂ මණ්ඩලය​ට

Date:

ප්‍රදීප් අමිර්තනායගම් ජූලි 15 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී මණ්ඩලයේ ස්වාධීන විධායක නොවන අධ්‍යක්ෂවරයෙකු ලෙස පත් කර ඇත.

ඔහු මීට පෙර පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් හි සභාපතිවරයා ලෙස කටයුතු කළේය.

අමිර්තනායගම් යනු ප්‍රචාරණ ක්ෂේත්‍රයේ වසර 35 කට වැඩි පළපුරුද්දක් ඇති ශ්‍රී ලංකාවේ කීර්තිමත් වෙළඳ ප්‍රචාරණ සහ මාධ්‍ය පෞරුෂයකි. ඔහු දැනට වසර 30කට පෙර පිහිටුවීමට මූලික වූ Holmes Pollard & Stott ප්‍රමුඛ වෙළඳ ප්‍රචාරණ ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂවරයා වේ.

ඔහු Chartered Institute of Marketing (UK) හී සාමාජිකයෙකු වන අතර ඔහු එක්සත් රාජධානියේ Trinity College of Music හී සහකාර සාමාජිකයෙකි.

ඔහු ජාතික රූපවාහිනිය, ITN සහ SLBC යන මාධ්‍ය ජාල සඳහා ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නෙකු ලෙස කටයුතු ක්‍ර ඇති අතර වැඩසටහන් මෙහෙයවන්නකු සහ ක්‍රිකට් විස්තර විචාරකයෙකු ලෙසද කටයුතු කර ඇත. බීබීසී හි ලන්ඩන් මූලස්ථානය වන බුෂ් හවුස් හි ද ඔහු පුහුණුව ලබා ඇත.

බටහිර කොළඹ රොටරි සමාජයේ 50 වැනි සභාපතිවරයා වූ ඔහු 2012 වසරේ රොටේරියන්වරයා ලෙසින් පිදුම් ලැබීය. ලාදුරු රෝගයෙන් පීඩාවට පත් පුද්ගලයන් නගා සිටුවීම සහ පුනරුත්ථාපනය කිරීමේ සංගමයේ (SUROL) උප සභාපතිවරයා වන ඔහු අනුර බණ්ඩාරනායක පදනමේ අධ්‍යක්ෂවරයෙකි.

අමිර්තනායගම් බංග්ලාදේශයේ ලංකන් එලායන්ස් ෆිනෑන්ස් ලිමිටඩ් සහ පීපල්ස් මර්චන්ට් බෑන්ක් පීඑල්සී හි හිටපු අධ්‍යක්ෂවරයා විය.

මෙම නවතම පත්වීමත් සමඟ පීපල්ස් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් පීඑල්සී හී අධ්‍යක්ෂක මණ්ඩලයට සභාපති සුජීව රාජපක්ෂ, ආර්. පතිරගේ, කේ.සී.ජේ.සී. ෆොන්සේකා, ඒ.ඒ. අහමට්, සී. ජේ. විජේතිලක, යූ.එල්.ඒ.ඩබ්ලිව්. බණ්ඩාර, එම්. සී. පීටර්ස්, ආර්. කොඩිතුවක්කු සහ එම්. ප්‍රදීප් අමිර්තනායගම් ඇතුළත් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

Tasty Tuesdays: Birria වල රස රහස හැපෙන කටක් ගානේ! Where Slow-Cooked Tradition Meets Street Food Magic

සටහන – පුලී දෙසැම්බර් 16, කොළඹ (LNW): "Birria" 16 වන සියවස...

ලක්ෂ්මන් බාලසූරිය – සරලවම, උසස් පන්තියේ මිනිසෙක්!

සටහන – ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ දෙසැම්බර් 16, කොළඹ (LNW):  මගේ...

උන්මාදය පැත්තකින් තියන්න – මිනිස්සුන්ට ආදරේ කරන්න අහ්මඩ්ලා මොහොම්මඩ්ලා කියා දෙන පාඩම්

නිශ්මං රණසිංහ දෙසැම්බර් 16, කොළඹ LNW: මේ මොහොත කියවා ගැනීම...

හේලීස් අනුබද්ධ ඩිප්ඩ් ප්‍රොඩක්ට්ස් වෙතින් ගංවතුර සහන සඳහා ආරක්ෂක අමාත්‍යාංශයට අත්වැසුම් 50,000ක පරිත්‍යාගයක් !

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම අත් ආරක්ෂණ විසඳුම් නිෂ්පාදකයෙකු වන ඩිප්ඩ්...