නිශ්මං රණසිංහ දෙසැම්බර් 22, කොළඹ LNW:
මේ දිනවල කාලයකට පසුව සහ නැවත කරළියට පැමිණ තිබීම නිසා පැවත්වෙන චැම්පියන්ස් පාපන්දු ලීග් තරගාවලිය ගැන විශාල වශයෙන් අවධානය යොමු වී තිබෙනවා.එසේම එම අවධානයට යම් ආකාරයකට ශ්‍රී ලංකා කණ්ඩායම පසුගිය කාලයේ ලබා ඇති ප්‍රගතියද හේතු වී තිබෙනවා.මේ තත්ත්වයන් සමඟ ගලපමින් ක්‍රියාත්මක චැම්පියන්ස් ලීගය නරඹද්දී ඇතිවන අදහසනම් පොළවේ ක්‍රියාත්මක පාපන්දුව සහ ජාතික පාපන්දුව අතර පරතරය විශාල බවයි.ජාතික කණ්ඩායමේ අනන්‍යතාවය කිසිසේත්ම පිළිබිඹු නොවන මට්ටමක් දැකිය හැකි නිසා ජාතික කණ්ඩායම යනු ජාතික පාපන්දුවේ අනන්‍යතාවය පිළිබිඹු කරන තරගාවලියක් ලෙස දකින්නට නොහැකියි.

මේ විසඳුමක් අවශ්‍යය ගැටළුවත් සමඟ ගෙවී ගිය සති අන්තයේ පැවති තරගවලදී ඉහළම ජයග්‍රහණය හිමි කර ගන්නට සමත් වුණේ නිව් ස්ටාර් කණ්ඩායමයි.ඔවුන් අතින් පරාජයට පත් වූයේ ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩල කණ්ඩායමයි.පාපන්දු ක්‍රීඩාවේ රාජ්‍ය ආයතනයක් පෞද්ගලික අනුග්‍රහ මත දිවෙන කණ්ඩායමක් සමඟ තරග කිරීමට කෙතරම් සූදානමක් තිබිය යුතුද යන්න අවබෝධ කරවන ලද තරගයක් වූ මේ තරගයේදී,කාලයක් හ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායමට නායකයන් සහ ක්‍රීඩකයන් නිර්මාණය කළ ලංගම ක්‍රීඩා සමාජයේ වත්මන් අර්බූදය වෙනස් කර ජයග්‍රහණය කරා කැඳවාගෙන ඒමට ආයතනික ව්‍යහුය සහ ක්‍රීඩාව අතර පවතින සම්බන්ධතාවය නූතණත්වයට ගැලපෙන සේ වෙනස් විය යුතු බව පෙන්වා දුන්නා.එසේම නව ක්‍රීඩකයන්ට අවස්ථාව ලැබෙන සේ එහි ඉඩ පළල් විය යුතු බව ද පැහැදිළි කරනවා.

ශ්‍රී ලංකා ගමනා ගමන මණ්ඩලය පාපන්දු මෙන්ම වොලිබෝල් ක්‍රීඩාවේද දැවන්තයන්ට සෙවණ දුන් ක්‍රීඩාමය ආත්මයක් තිබූ රාජ්‍ය ආයතනයක් වන අතර ශ්‍රී ලංකාව කාන්තා වොලිබෝල් ක්‍රීඩාවේ දිනූ ඉහළම ගෞරවය සහිත දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ රන් පදක්කමට යාමට නායකත්වය දෙමින් විශිෂ්ඨ කීඩා රටාවක් ප්‍රදර්ශනය කළ ණෙුකා අබේවර්ධන යාපා ද නියෝජනය කළේ එම කණ්ඩායමයි.එවැනි පසුබිමක් ඉතිහාසයක් ක්‍රීඩාව සම්බන්ධයෙන් තිබුණ ලංගම කණ්ඩායම නිව් ස්ටාර් කණ්ඩායම ඉදිරියේ 8-0 ක් ලෙස පරාජය වීම කණගාටුදායක තත්ත්වයක්.

ශ්‍රී ලංකා පොලිස් කණ්ඩායම මේ අතර මාතර සිටි කණ්ඩායමට එරෙහින ගෝල 5-0 ක් ලෙස ජය ගත් අතර මෙරගස්මුල්ල කණ්ඩායම පරාජයට පත් කරමින් සුපර් සන් කණ්ඩායම ගෝල 2-0 ක් ලෙස ජයග්‍රහණය අත්පත් කර ගැකීමට සමත් වුණා.ජාවාලේන් කණ්ඩායමට පරාජය අත් කර ගන්නට සිඳු වුණේ සෙරන්ඩිබ් කණ්ඩායම වෙතින්.තරගකාරීත්වයක් දකින්නට ලැබුණද අවසාන ප්‍රතිපලය හැටියට 1-0 ක් ලෙස සෙරන්ඩිබ් කණ්ඩායම ඉදිරියෙන් සිටියා.
මේ සති අන්තයේ දක්නට ලැබුණ තවත් ගෝල වැඩි තරගයක් ලෙස ෆෙලිකන්ස් කණ්ඩායම සහ සොලිඩ් කණ්ඩායම අතර තරගය හැඳින්විය හැකියි.එහිදි ෆෙලිකන්ස් කණ්ඩායම ගෝල 4 ක් ලබා ගනිද්දී සොලිඩ් කණ්ඩායම එක් ගෝලයක් ලබා ගැනීමට සමත් වුණා.විසඳුමක් නොමැතිව අවසන් වූ එකම තරගය වූයේ සෝන්ඩර්ස් කණ්ඩායම සහ නිගම්ඹු යූත් අතර තරගයයි.අර්ධයක් ගෙවෙන විට 1-1 ක් ලෙස තිබුණ ලකුණු පූවරුවට දෙවන අර්ධයේදී ද දෙපිළ විසින් එක් ගෝලය බැඟින් එක් කළ නිසා තරගයේ අවසාන ප්‍රතිපලය 2-2 ක් ලෙස ජය පැරදුමෙන් තොරව නිමාවට පත් වුණා.


