රනිල්ගේ ලන්ඩන් ගමන ගැන හොයන්න ගිය CID කණ්ඩායම අද නීතිපති දෙපාර්තමේන්තුවට!

Date:

කොළඹ LNW:මහජන මුදල් අවභාවිතා කරමින් සිය බිරිදගේ උපාධි ප්‍රධානෝත්සවයකට සහභාගී වීම සදහා ලන්ඩනය බලා ගොස් ඇති බවට, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව එල්ල වී තිබෙන චෝදනාව පිළිබදව විමර්ශනය කිරීම සදහා ලන්ඩනයට ගිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් පිරිස අද (22) නීතිපති දෙපාර්තමේන්තුව වෙත පැමිණීමට නියමිත බව වාර්තා වේ.

ඔවුන් එසේ පැමිණෙන්නේ, ලන්ඩන් සංචාරයෙන් අනාවරණය කරගෙන තිබෙන තොරතුරු නීතිපති දෙපාර්තමේන්තුවට දැනුම් දීම සදහා බව සඳහන්.

ශානි අබේසේකර මහතා විසින් මෙම හමුව සංවිධානය කර තිබෙන අතර, ලන්ඩන් ගිය සී.අයි.ඩී. කණ්ඩායම අද දිනයේ දී අතිරේක සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් සහ රජයේ ජ්‍යේෂ්ඨ නීතීඥ සමදාරී පියසේන යන අය හමු වීමට නියමිත බවයි වාර්තා වුණේ.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එම සංචාරය මඟින් රජයේ මුදල් රුපියල් මිලියන 16.6ක් අවභාවිතා කිරීම පිළිබඳ ඔහුට චෝදනා එල්ල වී තිබේ.

මෙකී සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගර ගතව සිටි වික්‍රමසිංහ මහතා මේ වන විට ඇප මත නිදහස්ව සිටියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රිතාන්‍ය අගමැති ස්ටාමා සමාව අයැදියි

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 05, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): එක්සත් රාජධානියේ අග්‍රාමාත්‍ය...

 සටන් විරාමයෙන් පසු ඊශ්‍රායලය විසින් ලෙබනනයට එල්ල කරන ගුවන් ප්‍රහාරවල දැවැන්ත වර්ධනයක් !

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): නොවැම්බර් මාසයේ ඇති...

ගනේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ තවත් කරුණු රැසක් හෙළි වෙයි!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW : ගනේමුල්ල සංජීව ඝාතන...

දරුණු ගංවතුර තත්ත්වය මැද හිස ඔසවන්න වෙර දරණ මොසැම්බික් රාජ්‍යය!

රෂිකා හෙන්නායක පෙබරවාරි 05, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): මොසැම්බික් රාජ්‍යය තුළ...