රෂිකා හෙන්නායක දෙසැම්බර් 22, කොළඹ LNW :
මැණික් තොගයක් චීනය බලා රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකික ගුවන් මගීන් දෙදෙනෙකු කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ සේවය කළ රේගු නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
එම මැණික් තොගයෙහි වටිනාකම රුපියල් තුන් කෝටි විසි ලක්ෂයක් බව සඳහන් වේ.
මොවුන් දෙදෙනා සිය සිරුරෙහි ගුද මාර්ගයෙහි සහ ගමන් මල්ල තුළ සගවා ගෙන ඊයේ රාත්‍රී 10.20 ට චීනයේ චෙන්ඩු නුවර බලා පිටත්ව යන චීන ගුවන් සේවයේ සී.ඒ.- 426 දරන ගුවන් යානයෙන් පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණු අතර, රේගු නිලධාරීවරුන්ට මොවුන් පිළිබද ඇති වූ සැකය මත , මොවුන් දෙදෙනා පරීක්ෂා කිරීම් වලට ලක් කිරීමේදී මෙම මැණික් තොගය සොයා ගැනීමට හැකිව ඇත.
එම මැණික් අතර ,
නිල් මැණික්
( Blue Shaperar ) , පද්මරාග ( Padmaracha )
කිරින්චි ( Spinel ) , රතු කැට ( Ruby ) , කනක ( Crysobery ) , සැවරයිට් ( Tsavorite
Garnet ) , වෛරෝඩි ( Cats Eye ) , චන්ද්‍රකාන්ත ( Moonstone ) , තෝරමල්ලි
( Tourmaline ) සහ ආරනූල් ( Star Shaperar)
යන ප්‍රධාන මැණික් වර්ග වල කැරට් 756 ක් බරැති මැණික් කැට 390 ක් තිබුණු බව වාර්තා වේ.
මොවුන් දෙදෙනා බේරුවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 38 සහ 39 වයස් වල පසුවන මැණික් ව්‍යාපාරිකයන් දෙදෙනෙකි.
ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් මොවුන් දෙදෙනා අත් අඩංගුවේ තබා ගෙන මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරමින් සිටින බව වැඩිදුරටත් වාර්තා වේ .


