සටහන : සශිකලා මධුෂාණි
දෙසැම්බර් මස 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාවේ මොස්කව්හි අගනගරයේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක් අසල රථගාලක බෝම්බයක් පුපුරා යාමෙන් රුසියාවේ සන්නද්ධ හමුදා මෙහෙයුම් පුහුණු දෙපාර්තමේන්තුවේ ප්‍රධානියා වූ ලුතිනන් ජෙනරාල් ෆනිල් සර්වරොව් මියගොස් ඇති බව වාර්තා වේ.
බෝම්බය යුක්රේන බුද්ධි අංශවල සහභාගීත්වයෙන් අටවා ඇති බව රුසියාව විශ්වාස කරන අතර 2022 පෙබරවාරි මාසයේදී රුසියාව යුක්රේනයට පූර්ණ පරිමාණයේ ආක්‍රමණයක් දියත් කළ දා සිට, යුක්රේනය විසින් රුසියානු අගනුවර හමුදා නිලධාරීන් ගණනාවක් ඉලක්ක කර ගෙන ඇත.
56 හැවිරිදි ජෙනරාල් ෆනිල් සර්වරොව් මීට පෙර ඔසෙටියානු-ඉන්ගුෂ් ගැටුමේදී සහ 1990 ගණන්වල සහ 2000 ගණන්වල මුල් භාගයේ චෙචන් යුද්ධවලදී සටන් මෙහෙයුම්වලට සහභාගී වූ අතර 2015-2016 අතර සිරියාවේ මෙහෙයුම්වලට ද නායකත්වය ලබා දී ඇත.

