පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳට එරට අධිකරණය වසර 17ක සිර දඬුවම් නියම කරයි

Date:

සටහන: සශිකලා මධුෂාණි

දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: පකිස්ථාන හිටපු අගමැති ඉම්රාන් ඛාන් සහ ඔහුගේ බිරිඳවන බුෂ්රා බිබි නීතිවිරෝධී ලෙස රාජ්‍ය තෑගි ළඟ තබා ගැනීම සහ විකිණීම සම්බන්ධයෙන් වරදකරුවන් බවට තහවුරු කිරීමෙන් අනතුරුව රාවල්පින්ඩි නගරයේ අදියාලා බන්ධනාගාරයේ විනිසුරුවරයා විසින් ඊයේ(21)දිනයේදී වසර 17ක සිර දඬුවම නියම කර තිබේ.

මෙම නඩුව සෞදි අරාබි රජයෙන් ලැබුණු ආභරණ ඇතුළු විවිධ තෑගි වෙළඳපල වටිනාකමට වඩා බෙහෙවින් අඩු මිලකට විකිණීම සම්බන්ධයෙන් වසර ගණනාවක් පුරා පැවති අතර ඛාන්ගේ පක්ෂය වන පාකිස්තාන් ටෙහ්රීක්-ඊ-ඉන්සාෆ්, සමාජ මාධ්‍ය ඔස්සේ ලියා ඇත්තේ මෙම නඩු කටයුතු ව්‍යාජයක් බවත්, එම තීන්දුව ඉතිහාසයේ කළු පරිච්ඡේදයක් ලෙස හෙළා දකින බවත්ය.

73 හැවිරිදි ඉම්රාන් ඛාන්, 2018 සිට 2022 අප්‍රේල් දක්වා පාකිස්තාන අගමැති ධුරය හෙබවූ අතර, විශ්වාසභංග යෝජනාවකින් ඔහුව ඉවත් කිරීමත් සමඟ දූෂණ සහ රාජ්‍ය රහස් හෙළිදරව් කිරීම යන විවිධ චෝදනා මත ඔහු 2023 අගෝස්තු මාසයේ සිට සිරගත කර ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මහනුවර පරාජය සහ ක්‍රීඩා සමාජවලට ඡන්ද බලය ලැබිමේ පොප්සිකල් වින්දනයේ වර්ගඵලය

ශ්‍රී ලංකාවේ රගර් ව්‍යවස්ථාව වෙනස් වන්නේ අනාගතයේ රගර් ක්‍රීඩකයන්ගේ...

ඉන්දුනීසියාවේ මගී ප්‍රවාහන බස්රථ අනතුරකි 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණි දෙසැම්බර් 22 දින: ලෝකය අවුට්බවුන්ඩ් ටුඩේ: ඉන්දුනීසියාවේ...

මුහුණු පොත සෙල්ලමකට ගත් අයට පාඩමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 22 , කොළඹ LNW : මුහුණු පොත...

පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ස්විට්සර්ලන්ත රජයේ පූර්ණ සහය!

කොළඹ LNW:පශ්චාත් ආපදා කළමනාකරණයට සහ රටේ සංවර්ධන ක්‍රියාවලිය වේගවත්...