සඳුදාට පාර්ලිමේන්තුව කැඳවන්න – සජබෙන් ඉල්ලීමක්

එළඹෙන සඳුදා (25) දින පාර්ලිමේන්තුව කැඳවන ලෙස සමඟි ජන බලවේගය අගමැතිවරයාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ඊයේ (22) අළුයම ගෝල්ෆේස් අරගල බිමට එල්ල වූ ප්‍රහාරය සහ රටේ වත්මන් තත්ත්වය ගැන එදිනට විවාදයක් ලබාදෙන ලෙසයි සමඟි ජනබලවේගය ඉල්ලා ඇත්තේ.