වර්ණ ප්‍රදාන මාෆියාව නැවතීමට චනිත්මා තැනූ වේදිකාවට ගොඩ වෙන්න අගමැතිණියට ඇරයුමක්

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW:

මේ වන විට සිරිමා විද්‍යාලීය වර්ණ ප්‍රදානෝත්සව කතාව එය විසින් අත් කර ගත යුතු මහා විශාල වපසරියෙන් මෙපිට එම විද්‍යාලයට,සිසුවියට සහ විදුහල්පතිණියට අදාළ සීමාවේ නැවතී ඇත.ඊට අළුතෙන් ඇතුළු වී ඇත්තේ සම්මානය නොලද සිසුවියගේ පියා වූ ඇයගේ සහ සරිමාවේ ස්කොෂ් පුහුණුකරු වූ මහේෂ් චන්දන ය.
ඒත් මේ සිරිමාවට සීමා නොවුණ,චනිත්මා කෙනෙක් නොසිටි නිසා රට නොදන්න ඛේදවාචකයක් එළියට පැමිණි අවස්ථාවකි.ක්‍රීඩාව පමණක් නොව සමහර විට වෙනත් විෂයන්වලද ගරු නාමයන්ට පාසලෙන් හිමිකම් කිව හැකි ළමයි ඒ සඳහා සුදුසුකම් ඉදිරිපත් කරන අවස්ථාවලදීම එම ඉදිරිපත් වීම නවත්වන්නට උත්සාහ කරන අවස්ථා විඳ ඇත්තෙමු.දැක ඇත්තෙමු.අසා ඇත්තෙමු.


මේ යාන්ත්‍රණයේ තිබෙන අවුල පුපුරා ගියේ නැතුව අළු යට තිබුණු තත්ත්වය දැන් චනිත්මා අළු ඉවත් වෙන්නට පිඹ අවසන්ය.දැන් මේ ගැන සිරිමා සීමාවෙන් මිදී සමාජ මාධ්‍යවල තමන්ගේ අත්දැකීම් ද ලියවෙමින් ඇත.සමහර විට රටේ අගමැතිතුමිය ද මෙවැනි උසස් පාසලක අධ්‍යාපනය ලද ඉතිහාසයක් ඇති අයෙක් බැවින් ඇයටද ඒ මට්ටමේ පාසල්වල වර්ණ රාත්‍රීන් ගැන අදහසක් තිබෙන්නට ඉඩ ඇත.අත්දැකීම් තිබෙනවා වෙන්නට ද පුළුවන්ය.
මේ වර්ණ රාත්‍රීන්වලදී නිර්නායක තනා ගන්නේ ඒ පාසලය.ඊට සමහර විට විදුහල්පති කැමති ක්‍රීඩාව ඉහළින් පෙනෙන සේ හෝ ක්‍රීඩා භාර ආචාර්ය කැමති ක්‍රීඩාව ඉහළින් මතු වී පෙනෙන සේ වර්ණ ප්‍රදානයේ නිර්නායක සකසා ගන්නේය.මේ තිබෙන්නේ සිරිමාවෝ විද්‍යාලය සිය නිර්නායක ලෙස දක්වා ප්‍රසිද්ධ කළ ඒවාය.

  1. සමස්ත ලංකා ප්‍රථම ස්ථානයක් තනි ඉසව්වකින් ලබා තිබීම සහ
  2. සමස්ත ලංකා වාර්තාවක් තබා තිබීම සහ
  3. ලංකාවේ විශාල පාසල් සංඛ්‍යාවක් එම ක්‍රීඩාව සඳහා සහභාගී වීම සහ
  4. සමස්ත ලංකා වාර්තාවක් සමඟ ප්‍රථම හෝ දෙවන ස්ථාන ලබා තිබීම සහ
  5. ජාත්‍යන්තර තරගයකින් පිළිගත හැකි ස්ථානයක් ලබා තිබීම.
    දැන් මේ තනන්නේ ජාත්‍යන්තර මට්ටමේ වැඩි වටිනාකමක් ඇති ක්‍රීඩකයාට වඩා ජාතික මට්ටමේ වැඩි වටිනාකමක් ඇති ක්‍රීඩකයාට වර්ණ දෙන්න වගේ හැඟීමක් නොදැනෙන්නේද?ලංකාවේ ඉතා අඩුවෙන් කරන ක්‍රීඩාවක ලෝක සූරතාවයක් දිනා ගත්ත ද එයින් පලක් වේද?ජාත්‍යන්තර මට්ටමේ දී 238 වන ස්ථානයේ සිටින චනිත්මා ඒ සඳහා ස්ථාන 24 ක ප්‍රගතියක්ද පෙන්වා ඇත.ඉතා අඩු තරග ගණනක සහභාගීත්වය ඇතුව ඉදරියට පැමිණ සිටින ඇයට පහළින් ඊට වඩා තරග ක්‍රීඩා කර ඇති බොහෝ දෙනෙක් සිටින බව ද එම ශ්‍රේණිගත කිරීම් නිරීක්ෂණයේදි දැක ගත හැකිය.එවැනි කාරණාවන් මේ ඇගයීමට ඇතුළත් කරන තැන කොතැනද?

  6. අප වෙනත් පාසලක තත්ත්වයක් මෙසේ වන්නේ යැයි උප කල්පනය කරමු.කණ්ඩායම් ක්‍රීඩා දෙකක් සළකා බලමු.නෙට්බෝල් සහ හෑන්ඩ්බෝල් ක්‍රීඩා දෙක එසේ සැළකිල්ලට ගන්න.එහිදී පාසලේ ක්‍රීඩා ප්‍රධානියා මෙයින් කැමති ක්‍රීඩාව පළාත් මට්ටමෙන් ජය ගත්තත් ඉහළ වර්ණ දෙන සහ හෑන්ඩ්බෝල් ක්‍රීඩාව ජාතික සූරතාවය දිනුවත් නෙට්බෝල්වලට පහළින් තැබීම සිඳුවිය හැකිය.ඊට අවශ්‍යය විදිහට නිර්නායක තනා ගනිද්දී ඊට අවශ්‍යය පසුබිම සකසා ගැනීමට ‘ලංකාවේ විශාල පාසල් සංඛ්‍යාවක් එම ක්‍රීඩාව සඳහා සහභාගී වීම‘ කියන කාරණය යොදා ගැනීමට හැකියාව ඇත.

  7. මෙවැනි වර්ණ රාත්‍රීන්වල සිඳුවන අසාධාරණ නිසා ක්‍රීඩාව පැත්ත පළාතේ නොබලන්නට තීරණය කළ අය ද ඇත.දැඩි ඉච්ඡා භංගත්වයට පත්ව ජීවිතය අසාර්ථක කර ගත් අයද ඇත.ඒ නිසා අධ්‍යාපන ඇමතිවරිය මේ සිඳුවීම සිරිමාවේ සිඳු වූ ජංජාලයක් ලෙස හෝ මේ වන විට එය ඔසවාගෙන යන ඇතැම් පිරිස් නාමල්මය සුවඳට ආසා කරන විදුහල්පතිණියක් ලෙස මාලිමාවට එරෙහි අයෙකු ලෙස සළකා ප්‍රාථමික තීරණවලට යායුතු නැත.මේ රටේ බොහෝ වර්ණ රාත්‍රීන්වල තත්ත්වය වන්නේය.තමන්ගේ කැමත්ත අනුව නිර්නායක සකසා ගෙන පිරිසක් වර්ණ ගන්වද්දී තවත් පිරිසකගේ තිබෙන වර්ණ සෝදා හැරීමක් ද සිඳුවන බව ඇත්ත කතාවය.ඒ නිසා වර්ණ රාත්‍රින් පිරිසකට උත්තේජන ද තවත් පිරිසක් උස්සා පොළවේ ගැසීමට ද භාවිතා වන බව ද නොරහසක්ය.

  8. මේ තත්ත්වයට ඇති විසඳුම ජාතික පාසල් ක්‍රීඩා වර්ණ ප්‍රදානෝත්සවයක් පැවතෙන්නේය.එය පොදු ප්‍රමිතිය කර සියළුම පාසල්වල වර්ණ ප්‍රදානෝත්සවයට අදාළ වන සේ සැකසිය යුතුය.එසේම එම ප්‍රමිතිය වර්ණ ප්‍රදානයට පෙර ඊට ඉල්ලුම් කරන්නට ඇති ලෙඛණය සමඟ දරුවන්ට දිය යුතු අතර එය අධ්‍යාපන අමාත්‍යංශයේ කාරණා සමඟ ගැලපෙන්නේ ද යන්න ඉල්ලුම්කරුට සළකා බලන්නට අධ්‍යාපන අමාත්‍යංශයද එම කරුණු ප්‍රසිද්ධ ලියවිල්ලක් සේ තැබිය යුතුය.යම් වෙනස්කමක් අධ්‍යාපන අමාත්‍යංශය පැත්තෙන් සිඳුවන්නේනම් එය වහාම පාසල් වර්ණ රාත්‍රීන්වල නිර්නායකයන්ටද ඇතුළත් කළ යුතු වන්නේය.
    එයින් යම් අයෙකුට අසාධාරණයක් විය හැකිය යන්න සම්පූර්ණයෙන් බැහැර නොකළ හැකි නමුත් එය වෙනත් වටයක වඩාත්ම සාධාරණ කුමක්ද යන්න පිළිබඳ සාකච්ඡාවට තබා රටේ සියළුම පාසල්වල දක්ෂයන් ඇගයීමට එක රාමුවක් සැකසීම වැදගත් වනු ඇත.පාසලේ විදුහල්පතිණිය ගැන,සිසුවිය ගැන සීමා වුණ පොඩි ඉඩක නොතියා මේ ප්‍රශ්නය රටේ හැම පාසලකම වර්ණ පිළිගැන්වීම්වලදි නිසි නිර්නායකයන් නැති නිසා ඇතිවන තත්ත්වයන් බව පැහැදිළි කර ගැනීම වැදගත්ය.ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් ඇති විමේ බලපෑම වැඩ විය හැකිය.ඒ සිඳුවෙන හැම මොහොතේම අධ්‍යාපන ඇමති සහ ලේකම් මේවා ගැන පරීක්ෂණ මංඩල පත් කිරීමට කැමතිනම් සහ එය විනෝදාත්මක තත්ත්වයක් ලෙස හැඟෙයිනම් සිරිමාවෝ බාලිකාවට සීමා වී මේ තීරණය ගැනීමේ වරදක් නැත.එහෙත් පළමුව කළ යුතුව ඇත්තේ සියළු සිසු සිසුවියන්ට සම සාධාරණයක් ඇති වන අයුරෙන් මේ වර්ණ ගැන්වීමේ මාෆියාව පොදු ප්‍රමිතියකට අනුකූල කිරිමය.

  9. ඇත්තටම වර්ණ ප්‍රදාන උත්සව යනු යම් මාෆියාවක්ය.ඊට ප්‍රදාන වශයෙන්ම බලපාන්නේ පාසල්වලට අවශ්‍යය පරිදි නිර්නායක තනා ගැනීමට ඒවාට ලබා දී ඇති ඉඩ ය.මේ මොහොත ඒවා පොදු,සමාන ප්‍රමිතියකට ඇතුළත් කර ගැනීමට ඉඩක් සකසා ඇත.චනිත්මා මේ ගැටළුව ගෙනවිත් තිබෙන හොඳම තැන ලෙස එතැන අල්ලා ගන්නට අධ්‍යාපන අමාත්‍යංශයට තිබෙන බුද්ධිය අනුව මේ කටයුත්ත තවත් තැනක ගැටළු ඇති නොවන සේ විසඳා ගන්නට ඉඩ ඇත.වරින් වර ඒවා ඉදිරියේදී පොදු තත්ත්වයන් සැළකිල්ලට ගෙන සංශෝධනය කරන්නට හැකියාව ලැබෙනු ඇත.එහෙත් රටේ වර්ණ ප්‍රදානයක් පාසලක් කරන්නේ කෙසේද යන්න පිළිබඳව පොදු එකඟතාවක් එයින් ඇතිවීමම සාධාරණ ක්‍රියාවක් වනු ඇත.

  10. පළමු කොට මේ ප්‍රශ්නය විසින් මතු කළ කාරණය වඩා සාධාරණ තැනෙක තබා පොදු ප්‍රමිතියක් රටට සකසා දෙන්න.එහි කල් මැරීමට දෙයක් නැත.සියළු වර්ණ ප්‍රදාන උත්සව සිඳු විය යුතු වන්නේ සමස්ත ලංකා ක්‍රීඩා පාසල් වර්ණ ප්‍රදානෝත්සවයට අදාළව සළකා බලන කරුණු අනුව බවට නිකුත් කරන ලද චක්‍රෙල්ඛයකින් නැවත සිරිමාව තුළ නොව වෙනත් පාසලකට ද තමන්ට අවශ්‍යය පරිදි වර්ණ රාත්‍රීන් මෙහෙයවිම නවතා දැමිය හැකි වනු ඇත.රටේම පාසල් දරුවන්ගේ ක්‍රීඩා ඇගයීම සහ වර්ණ ප්‍රදානය එකලෙසට සිඳුවනු ඇත.මේ ප්‍රශ්නය විසඳා දායක සභා සතුටු වෙන්නට බලා සිටින විදුහල්පතිණිය සම්බන්ධ මූල්‍ය වංචා පරික්ෂණ හෝ වෙනත් විනය පරීක්ෂණ සිඳු කිරීම ගැන ගැටළුවක් නැත.එහෙත් එකටම පහසුවෙන් ලොකුම තීරණයක් ගැනීමට ඇති ඉඩ අධ්‍යාපන අමාත්‍යංශය නොසළකා නොහැර සිඳු කළ යුතුය.

  11. මේ කාරණය අධ්‍යාපනඥයෙකු ලෙස අගමැතිතුමියට තේරුම් යා යුතුය.තැන තැන එක එක ලෙස සිඳුවන වර්ණ ප්‍රදාන ප්‍රමිතිවලින් ප්‍රමෝදයට පත්වන්නේ දක්ෂතා සහිත ක්‍රීඩකයන් ක්‍රීඩිකාවන් නොවේය.ඒ පාසල්වල බලය ඇති ප්‍රධානීන්ය.ඔවුන් කැමති අකමැති ක්‍රීඩාවන් තෝරා ඒවා වර්ණ ගැන්වීම සිදු කිරීම සිඳුවනු ඇත.ඒවා ඇතුළේ තවත් නරක ගණුදෙනු පවා සිඳුවිය හැකිය.දැනට අධ්‍යාපන අමාත්‍යංශය සතුව තිබෙන ලියවිල්ලකින් ඊට විසඳුමක් දීමට ඇති ඉඩ භාවිතයට ගැනීම මේ මොහොතේ වැදගත්ම පියවර වනු ඇත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22) ඉසුරුපාය...

ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුව...

බාල ඖෂධ : චෝදනා කරන වෛද්‍ය චමල් සහ චූදිත බෙනරගම හමුවුණු මොහොතක් ?

රජයේ රෝහල්වලට ප්‍රමිතියෙන් තොර ඖෂධ සැපයීම සම්බන්ධයෙන් මේ දිනවල...