බැඩිමින්ටන් දක්ෂයන්ට වැඩි වෙහෙසක්

Date:

නිශ්මං රණසිංහ දෙසැම්බර් 23, කොළඹ LNW:

මේ දිනවල ගල්කිස්ස ශාන්ත තෝමස් විද්‍යාලයීය ගෘහස්ථ ක්‍රීඩාංගණය මෙන්ම ශ්‍රී ලංකා බැඩිමින්ටන් මූලස්ථාන බැඩිමින්නේ ගෘහස්ථ ක්‍රීඩා පිටිය ද යොදා ගනිමින් පැවත්වෙන 79 වන ජාතික බැඩිමින්ටන් සූරතාවලියේදී ජාත්‍යන්තර මට්ටමෙන් ඉදරියෙන් සිටින ක්‍රීඩකයන්ට ජාතික මට්ටමෙන් පහළ ශ්‍රේණි හිමිව තිබීමේ දෝෂය දැඩිව දකින්නට ලැබෙනවා.ජාත්‍යන්තර වශයෙන් රටේ නම පළ කිරීමට වඩාත් ආසන්නයෙන් සිටින ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට,රටට එම වටිනාකම ලබා දීම සඳහා නිරන්තරයෙන් ඉහළ මට්ටමෙන් ක්‍රීඩාවේ නියැලීමට ජාත්‍යන්තර අත්දැකීම් අවශ්‍යය වෙනවා.ඒ නිසාම ඔවුන් දේශිය ශ්‍රේණිගත කිරීම්වලට වැඩියෙන් ජාත්‍යන්තර පිටියේ තරග වදින අයුරු දැකිය හැකි අතර එහිදී දක්වන දක්ෂතා අනුව ජාත්‍යන්තර ශ්‍රේණිගත කිරීම්වලද ඉදරියට පැමිණ තිබෙනවා.


නිශ්චිත වෘත්තියමය භාවයක් නැති පොළවක පවතින බැඩිමින්ටන් ක්‍රීඩාව වෙනුවෙන් සමහර ක්‍රීඩකයින් තමන්ගේ හැකියාව මත පෞද්ගලික වියදම් ද,තවත් අය අනුග්‍රහයන් මත ලබා ගන්නා වියදම් ද සමග මෙසේ රටට වටිනාකමක් ලබා දෙමින් විදෙස් තරගවලදී දස්කම් දක්වමින් ජාත්‍යන්තර ශ්‍රේණිවල ඉදිරියට පැමිණියත් ශ්‍රී ලංකාවේ පවතින තරගාවලි හරහා දේශිය ශ්‍රේණි සැකසීම නිසා ජාතික සූරතාවලියේදී මේ ක්‍රීඩකයන්ට වැඩි වෙහෙසක් දරමින් ක්‍රීඩා කරන්නට සිදු වෙනවා.


රට පෙරට ගෙන යාමට සිටින අයට රට එසේ නොසළකා ජාත්‍යන්තර මට්ටමෙන් සිටින තැන ජාතික මට්ටමේ ශ්‍රේණිගත කිරීම් සඳහා යොදා ගත හැකිනම් වැදගත් බව අප මීට පෙර ද පෙන්වා දී තිබෙනවා.මේ නිසා ඉහළම දක්ෂතාවය සහිත ක්‍රීඩකයන්ට සිඳුවන්නේ සූරතාවය වෙනුවෙන් වැඩි වෙහෙසක් දැරිමටයි.එම වෙහෙස යනු ශාරිරික විඩාව සහ මානසික විඩාව තුළින් යම් ආබාධිත තත්ත්වයකට කැඳවාගෙන යාමක් ද විය හැකි අවධානමක් තිබෙනවා.


මේ ජාතික සූරතාවලියට එවැනි දක්ෂයන්ට අනිවාර්යෙන් සහභාගිවීමට නියම කරන්නේම ඒ හරහා තරගාවලියට යම් සුපහන් පෙණුමක් ලබා ගැනීමටයි.එය අනිවාර්ය කිරිම වැරද්දක් නොවන අතර එහෙත් එම අනිවාර්ය කිරිම හරහා සහභාගිවිමට පැමිණීමටත් යම් ගෞරවයක් දිය යුතුව තිබෙනවා.


මෙතැන ගහලනෙ උඩට ගියෙ උන් අනිවාර්යෙන් මෙතැන දෙන විදිහට ගහලා යන්න ඕනි වැනි අදහස් ඇතැම් පාළකයන් ක්‍රීඩාවේදී භාවිතයට ගන්නවා.බැඩිමින්ටන් පරිපාලනය එවැනි අදහසක ඉන්නා බවක් නොදන්නා නමුත් මේ ක්‍රියා කළාප ඊට සමානයි.කලකට පෙර සුසන්තිකා ජයසිංහ බදුල්ලේ පැවති ජාතික මහා ක්‍රීඩා උළෙලක දිවීම සඳහා සහභාගිවීම ප්‍රතික්ෂේප කළා.ඒ අවස්ථාවේ ජාතික වශයෙන් වටිනාම ක්‍රීඩා උළෙල ඊට සුදුසුම මලල ක්‍රීඩා පිටියේ නොපවත්වා,බදුල්ලේ පැවත්වීම ගැන කතා කිරීම නොකර ඇතැම් මාධ්‍ය පවා ඇත්නාවල කණිෂ්ඨයේ දුවපු සුසන්තිකා උඩඟු බව කියන්නට උත්සාහ කළා.එහෙත් ඇත්නාවල සුසන්තිකා ජාත්‍යන්තරයේ තබන වගකීම ජාතික වශයෙන් තේරුම් ගැනීම වෙනුවට පාළකයා ඇයව ඇත්නාවලම රඳවා ගැනීමේ ආකල්පමය දුර්වලකම ජාතික වශයෙන් ක්‍රීඩාවට ඇති අර්බූදයක් බව මේ වන විටත් රට තේරුම් අරගෙනත් නැහැ.ඊට ආසන්නම උදාහරණය වත්මන් අමාත්‍යවරයා ද ජාතික ක්‍රීඩා උළෙලේ මලල ක්‍රීඩා ඉසව් තමන්ගෙ ගම් පළාත වන ගාල්ලට රැඟෙන යාම දැක්විය හැකියි.


ඒ නිසා මේක වෙනස් කරන්න ඕනි සංස්කෘතියක්.අපි තමයි ගොඩ නැඟුවෙ කියලා තමන්ට හිතෙන හිතෙන විදිහට එහාට මෙහාට අදින්න පුළුවන් මට්ටමේ ක්‍රීඩකයා තියාගන්නෙ නැතුව ඔහු ඉහළට ඔසවා තැබීමේ ගෞරවය ඔහුට තවත් ඉහළට යන්න දෙමින් නිහතමානිව විඳින්නට පරිපාලකයන් පුරුදු පුහුණු වුණ සංස්කෘතියක් අවශ්‍යය කරනවා.එසේ නොවන නිසා විරේන් නෙත්තසිංහ වගේම රනිත්මා ලියනගේ ද වැඩි වෙහෙසකින් තරග කරමින් මේ තරගාවලියේදී ඉදරියට එන බව දුටුවා.මැලේසියාවේ සිට පුහුණුවීම් කරන රසිඳු හෙන්දහේවා වැනි ක්‍රීඩකයෙක්ට තේරිමේ තරග ක්‍රීඩා කර ඉදිරියට එන්න සිඳු වුණා.ජාතික මට්ටම රැක ගැනීමට ජාත්‍යන්තර මට්ටම දෙවන තැන සැළකීමේ සම්ප්‍රදායක් විදිහට තබා ගැනීමෙන් පහත වැටෙන්නේ ජාතික මට්ටමෙන් ජාත්‍යන්තර මට්ටම ස්පර්ශ කරන්නට ඇති ඉඩයි.මේ ඇත්ත ඉදිරියේදී හෝ තේරුම්ගන්න උත්සාහ ගන්න ලෙස බැඩිමින්ටන් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටිනවා.


එසේම මෙවැනි ශ්‍රේණිගත කිරීම්වලින් එම ක්‍රියාවලියමත් අපහසුවට පත් වෙනවා.උදාහරණයකට මුල් ශ්‍රේණි කිරීම් මේ ජාත්‍යන්තර වටිනාකම්වලට නොදී ජාතික යැයි කියා ගන්නා මහා විශාල දෙයක් රැක ගන්නට උත්සාහ කළ ද,ජාත්‍යන්තර ශ්‍රේණියේ ඉදිරියෙන් සිටින අය ඔවුන් බිම දමමින් මේ වන විට අවසානයට පිවිස තිබෙනවා.එයින් සුදුස්සාට සුදුසු තැන නොලැබී ගොස් තිබෙන බවත් දකින්නට ලැබෙනවා.ශරීරය වැය කරන විෂයකදී රටට වටිනාම දක්ෂයා අඩු වෙහෙසකින් වැඩි පලදාවක් ලැබෙන ලෙස රැකගැනීමේ අවශ්‍යයතාවය තේරුම් ගත්තාම අප ්කියනවාට මේ දේ නොකර යතාර්ථය අවබෝධ කරගෙන කළ හැකියි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

තෝරාගත් ව්‍යාපෘති 09ක් සඳහා මූල්‍ය ප්‍රතිපාදන පිරිනැමේ!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22)...

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් වාර්තාගත ඉපැයීමක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:2025 වසර සඳහා ආදායම් ඉලක්කය සැපිරීමට දේශීය...

පාසල් සිසුවියන්ගේ සනීපාරක්ෂාව පිළිබඳ නව වැඩපිළිවෙළක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : ඊයේ (22) ඉසුරුපාය...

ඉන්දියාවෙන් රජයට තවත් සහනයක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 23, කොළඹ LNW : දිට්වා සුළි කුණාටුව...