දකුණු පළාත් සභාවට අයත් පාසල් පැවැත්වීම ගැන විශේෂ තීරණයක්

0
807

දකුණු පළාත් සභාව යටතේ පාලනය වන සියලුම රජයේ පාසල් හෙට (25) සිට සතියේ දින පහම පැවැත්වීමට තීරණය කර ඇති බව දකුණු පළාත් අධ්‍යාපන ලේකම් රංජිත් යාපා මහතා පවසයි.

ඒ අනුව ප්‍රවාහන අපහසුතා මත පාසල් වෙත පැමිණීමට අපහසුකම් පවතින ගුරුවරුන් සහ කාර්යමණ්ඩල නිලධාරීන් ඒ පිළිබඳව විදුහල්පතිවරයාව දැනුවත් කළයුතු බවයි ඒ මහතා පවසන්නේ.

මීට පෙර අධ්‍යාපන අමාත්‍යාංශය දැනුම් දී තිබුණේ හෙට සිට දිවයිනේ සියලුම පාසල් සතියකට දින තුනක් බැගින් පැවැත්වෙන බවකි.

RN