ජනපති රනිල් හිටපු ජනපති මෛත්‍රීගේ නිවසට ?

Date:

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පදිංචිව සිටි කොළඹ, පැජට් පාරේ පිහිටි නිල නිවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පදිංචිය සඳහා ලබාදීමට කටයුතු කෙරෙමින් පවතින බව වාර්තා වේ.

ජනාධිපති මන්දිරය සහ අරලියගහ මන්දිරය යන දෙකම අරගලකරුවන් විසින් භාරදීමෙන් පසු, මේ වනවිට නීතිමය කටයුතු සිදුකෙරෙන බැවින් සහ ඒවායේ විශාල අළුත්වැඩියාවන් සිදුකිරීමට සිදුව ඇති බැවින් නව ජනාධිපතිවරයාට නිල නිවෙසක් නොමැති තත්වය මත මෙසේ පැජට් පාරේ නිවස ඒ සඳහා ලබාගැනීමට නියමිත බව සඳහන්.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පෞද්ගලික නිවස ද පසුගිය 13 වනදා පැවති විරෝධතා අතරතුර ගිනිතැබීමට ලක්විය.

පැජට් පාරේ පිහිටි නිල නිවස, මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපතිවරයාව සිටියදී අමාත්‍ය නිලනිවාස ඒකක දෙකක් එකතුකර ජනාධිපතිවරයකුගේ භාවිත වෙනුවෙන් විශේෂ පහසුකම් සහිතව විශාල පිරිවැයක් දරා නවීකරණය කරන ලද නිල නිවසක් වන අතර සිරිසේන මහතා ජනාධිපති ධුරයෙන් ඉවත්වීමෙන් පසුවත් එම නිල නිවසේම රැඳී සිටි නමුත් අධිකරණ නියෝගයක් මත මීට මාස දෙකකට පමණ පෙර ඒ මහතාට එම නිවසෙන් ඉවත් වීමට සිදුවිය.

ඒ අනුව එම නිලනිවස රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීමට කටයුතු සම්පාදනය කෙරෙමින් පවතින බවයි ආරංචිමාර්ග සඳහන් කළේ.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අධ්‍යාපනයේ විශාලතම පරිවර්තනීය යුගය ඇරඹීමට සූදානම් – ජනාධිපති නිදහස් දින සැමරුම අමතමින් කියයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:දැනුමෙන්, සහකම්පනයෙන්, තෙතමනයෙන්, නූතන තාක්ෂණයෙන් යුත් මානව...

78 වෙනි නිදහස සමරමින් යුද හමුදා සාමාජිකයින් 9158කට උසස්වීම්!

කොළඹ LNW:78 වන ජාතික නිදහස් දින සැමරුමට සමගාමීව, ශ්‍රී...

බ්‍රසීලයේ ඇලගෝස් ප්‍රාන්තයේ බස් රථ අනතුරකින් අවම වශයෙන් පුද්ගලයින් 16 දෙනෙකු ජිවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඊයේ(03)දිනයේදී ඊසාන දිග...

හිටපු ලිබියානු නායක මුවම්මර් ගඩාෆිගේ පුත් සයිෆ් අල්-ඉස්ලාම් ගඩාෆි ඝාතනය කෙරේ

සටහන: සශිකලා මධුෂාණිපෙබරවාරි 04, ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): ඝාතනයට ලක් වූ...