අපි අවුරුද්දෙන් ට්‍රිලියන 1.2ක් ඉතුරු කළා. අපි වගේ ආපදා සහන දීපු ආණ්ඩුවක් ඉතිහාසයේ නෑ – මාලිමා මන්ත්‍රී රත්නසිරි

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය බලයට පැමිණ ගතවූ වසරක කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.2ක් මහාභාණ්ඩාගාරයේ ඉතිරි කළ බවත් දිට්වා සුළිකුණාටුවෙන් සිදුවූ ආපදාව තුළ ජනතාවට සහන සැලසීම සඳහා සමස්තයක් වශයෙන් රුපියල් බිලියන 700ක් වෙන්කිරීමට එයින් හැකිවූ බවත් ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා පවසයි.

“මේ දිට්වා සුළිකුණාටු ආපදාවෙන් ඩොලර් බිලියන 4.1ක හානියක් රටට සිද්ධ වෙලා තියෙනවා. අපි අවුරුද්දක් පුරා භාණ්ඩාගාරයේ ඉතිරි කළා රුපියල් ට්‍රිලියන 1.2කට අධික මුදල් ප්‍රමාණයක්. ඒ වගේම අපි පරිපූරක ඇස්තමේන්තුවක් දැම්මා රුපියල් බිලියන 500ක. සමස්තයක් හැටියට ගත්තොත් බිලියන 700ක් අපි මේ වැඩේට වෙන්කරලා තියෙනවා. ලක්ෂ 2280ක් පොලොන්නරු දිස්ත්‍රික්කයට වෙන්කළා රුපියල් 25000 ගාණෙ ගෙවන්න. මේවා මදි නම් තවත් මුදල් ප්‍රතිපාදන ලබාදෙන්න සූදානම්ව තිබෙනවා. ඕගොල්ලො ඉතිහාසයේ කවදාවත් අහලා නෑ මෙවැනි ආපදා සහන, ණය දීපු ආණ්ඩුවක්. ආණ්ඩුවට දීපු බදු මුදල් තමා මේ ආපහු ජනතාව අතට පත්කරන්නේ. ජනාධිපතිතුමා කිව්වේ එක පුංචි වරදක්වත් මේකෙ කරන්න එපා, නුසුදුසු කිසිම කෙනෙකුට දෙන්නත් එපා, ඒ වගේම සුදුසු කිසිම කෙනෙක්ව අතහරින්නත් එපා කියලා”

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා ජංගම සේවා වැඩසටහනක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...