අපි අවුරුද්දෙන් ට්‍රිලියන 1.2ක් ඉතුරු කළා. අපි වගේ ආපදා සහන දීපු ආණ්ඩුවක් ඉතිහාසයේ නෑ – මාලිමා මන්ත්‍රී රත්නසිරි

Date:

සටහන – රුවන් නෙළුගොල්ල

ජාතික ජන බලවේගය බලයට පැමිණ ගතවූ වසරක කාලය තුළ රුපියල් ට්‍රිලියන 1.2ක් මහාභාණ්ඩාගාරයේ ඉතිරි කළ බවත් දිට්වා සුළිකුණාටුවෙන් සිදුවූ ආපදාව තුළ ජනතාවට සහන සැලසීම සඳහා සමස්තයක් වශයෙන් රුපියල් බිලියන 700ක් වෙන්කිරීමට එයින් හැකිවූ බවත් ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා පවසයි.

“මේ දිට්වා සුළිකුණාටු ආපදාවෙන් ඩොලර් බිලියන 4.1ක හානියක් රටට සිද්ධ වෙලා තියෙනවා. අපි අවුරුද්දක් පුරා භාණ්ඩාගාරයේ ඉතිරි කළා රුපියල් ට්‍රිලියන 1.2කට අධික මුදල් ප්‍රමාණයක්. ඒ වගේම අපි පරිපූරක ඇස්තමේන්තුවක් දැම්මා රුපියල් බිලියන 500ක. සමස්තයක් හැටියට ගත්තොත් බිලියන 700ක් අපි මේ වැඩේට වෙන්කරලා තියෙනවා. ලක්ෂ 2280ක් පොලොන්නරු දිස්ත්‍රික්කයට වෙන්කළා රුපියල් 25000 ගාණෙ ගෙවන්න. මේවා මදි නම් තවත් මුදල් ප්‍රතිපාදන ලබාදෙන්න සූදානම්ව තිබෙනවා. ඕගොල්ලො ඉතිහාසයේ කවදාවත් අහලා නෑ මෙවැනි ආපදා සහන, ණය දීපු ආණ්ඩුවක්. ආණ්ඩුවට දීපු බදු මුදල් තමා මේ ආපහු ජනතාව අතට පත්කරන්නේ. ජනාධිපතිතුමා කිව්වේ එක පුංචි වරදක්වත් මේකෙ කරන්න එපා, නුසුදුසු කිසිම කෙනෙකුට දෙන්නත් එපා, ඒ වගේම සුදුසු කිසිම කෙනෙක්ව අතහරින්නත් එපා කියලා”

පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් රත්නසිරි මහතා මේ බව පැවසුවේ පොලොන්නරුව ප්‍රදේශයේ පැවති ක්ලීන් ශ්‍රී ලංකා ජංගම සේවා වැඩසටහනක් අමතමිනි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දකුණු මෙක්සිකෝවේ දුම්රියක් පීලි පැනීමෙන් 13 දෙනෙකු මිය යයි!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දකුණු මෙක්සිකෝවේ දුම්රියක්...

2025 වසර සඳහා රේගුවට ලබා දී තිබූ ආදායම් ඉලක්කය ඉක්වමවූ ආදායමක්!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 29, කොළඹ LNW: මුදල් අමාත්‍යංශය මගින් 2025...

ඉන්දියාව සිව්වන තරගයත් ජය ලබයි

නිශ්මං රණසිංහ දෙසැම්බර් 29, කොළඹ LNW: කඩුලු 2 ක් දැවී...

වැසි තත්වයේ වෙනසක් – අද (29) කාලගුණය

සටහන - රුවන් නෙළුගොල්ල අද (දෙසැම්බර් 29) දිනයේදී ඌව පළාතෙත්...