පාසල් ළමුන් ප්‍රවාහනයට තිබුණු ඉන්ධන බාධාව ඉවතට?

Date:

පවතින ඉන්ධන අර්බුදය හමුවේ පාසල් දරුවන් ප්‍රවාහනය කිරීමේදී මතුව තිබුණු ගැටළුකාරී තත්ත්වයට විසඳුම් දීමට අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා මැදිහත් වූ බව සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය අද (25) මාධ්‍ය වෙත පැවසුවේය.

අද දින අධ්‍යාපන අමාත්‍යවරයා හා සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමය,ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කිංස්ලි රණවක සහ ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නිලධාරීන් අතර මේ සම්බන්ධයෙන් සාකච්ජාවක් පවත්වා තිබුණි.

දැනට පාසල් පවතින දින තුන සඳහා එම වාහන වෙත අවශ්‍ය ඩීසල් ලබා ගැනීම සඳහා පහසුකම් ලංගම ඩිපෝ හරහා දින දෙකකදී ලබා දීමට තීරණය වී තිබේ.

මෙය ඉතා හොද විසඳුමක් බවයි සමස්ත ලංකා පාසල් ළමුන් ප්‍රවාහන සංගමයේ සභාපති එල්.මල්ශ්‍රී ද සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පැවසුවේ.

ඒ අනුව බදාදා සහ සෙනසුරාදා යන දිනයන්හිදී පාසල් ළමුන් ප්‍රවාහනය කරන එම වාහන වෙත ලංගම ඩිපෝ හරහා නිසි ක්‍රමවේදයකට යටත්ව අවශ්‍ය ඩීසල් ලබා දීමට නියමිතයි.

ASK

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රන් -රිදි – ලෝකඩවලට පසු අසුන නිපුනිට

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...

පැතුම් නැංගුරම් දමයි – ශ්‍රී ලංකාව හොඳ තැනකට සේන්දු වෙයි

නිශ්මං රණසිංහ ජුනි 19, කොළඹ LNW: ශ්‍රී ලංකාව සහ බංගලාදේශය...

කෙහෙළියගේ දියණියන් දෙදෙනාට හා බෑණාට ඇප. එක් දියණියක් බන්ධනාගාරයට රැගෙන යයි !

මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදුකරන විමර්ශනයකට අදාළව අත්අඩංගුවට...