ත්‍රිකුණාමලේ තෙල් ටැංකි ව්‍යාපෘතිය සඳහා වසර 50කට IOC සමග ගිවිසුම් අත්සන් කෙරේ

ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාව සමග ඒකාබද්ධ ව්‍යාපෘතියක් ලෙස සංවර්ධනය කිරීම සඳහා ස්ථාපිත කෙරෙන නව සමාගම වෙනුවෙන් වන ගිවිසුමට ඊයේ (06) අත්සන් තබා තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා රජය වෙනුවෙන් මුදල් අමාත්‍යාංශ ලේකම් එස්. ආර්. ආටිගල, ඛනිජ තෙල් සංස්ථා සභාපති සුමිත් විජේසිංහ, ඛණිජ තෙල් සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ බුද්ධික මඩිගහේවා යන මහත්වරුන් සහ ලංකා ඉන්දියානු තෙල් සමාගම වෙනුවෙන් එහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා අත්සන් තබා ඇත.

ත්‍රිකුණාමල තෙල් ටැංකි සම්බන්ධයෙන් වසර 35කට බලපැවැත්වෙන පරිදි 2003 වසරේදී අත්සන් කෙරුණු ගිවිසුම, මෙම නව ගිවිසුම මගින් අවලංගු කෙරෙන අතර ඉදිරි වසර 50ක කාලයක් සඳහා පහත සඳහන් පරිදි එම තෙල් ටැංකි 99 බෙදී යනු ඇත.

  1. ලංකා IOC සමාගම දැනට භාවිතා කරන තෙල් ටැංකි 14 යි
  2. ලංකා ඛනිජ තෙල් සංස්ථාවට තෙල් ටැංකි 24 යි
  3. ලංකා ඛනිජ තෙල් සංස්ථාව සහ ලංකා IOC සමාගම 51% – 49% කොටස් හිමිවන පරිදි පිහිටවූ ට්‍රින්කො පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගම තෙල් ටැංකි 61 යි.

මෙම නව ගිවිසුම අනුව තෙල් ටැංකි 99න් 85කම පාලනය ශ්‍රී ලංකාව යටතට ගැනීමට තමන්ට හැකිවූ අතර එය ඓතිහාසික ජයග්‍රහණයක් බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසන අතර විපක්ෂය චෝදනා කරන්නේ නුදුරේදීම ශ්‍රී ලංකාවට ලබාගැනීමට හැකියාව තිබුණු තෙල් ටැංකි ගම්මන්පිල අමාත්‍යවරයා විසින් නැවතත් වසර 50කට ඉන්දියාවට ලබාදුන් බවටය. එසේම මෙය ඒකාබද්ධ ව්‍යාපෘතියක් වශයෙන් හැඳින්වුව ද දැනටමත් බොරතෙල් ගෙන්වා ගැනීමට හෝ මුදල් නොමැතිව සිටින ඛනිජ තෙල් සංස්ථාව මීට මුදල් ආයෝජනය කරන්නේ කෙසේදැයි ඉන්දීය මාධ්‍ය ද පසුගිය සතියේ ප්‍රශ්න කර තිබිණි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...

සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක ප්‍රදේශය අද සිට ජනතා අයිතියට!

කොළඹ LNW:සුහුරුපාය ඉදිරිපිට ඉදි කළ ඇවිදින මංතීරුව සහ විවේක...

ආණ්ඩුවේ හොරකම් වෙනවා ජනාධිපතිතුමා ඇස්වහගෙන -නාමල් රාජපක්ෂ

කොළඹ LNW:''ඩොලර් බිලියනයක් පන්නනවා, අනේ ජනාධිපතිතුමා ඇස් දෙක වහගෙන....

නාමල්ට අදත් ඇප නෑ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පාර්ලිමේන්තු මන්ත්‍රී...