නඩු කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍යවලට කළ දේ!

Date:

රෂිකා හෙන්නායක ජනවාරි 02, කොළඹ LNW:

දළ බර කිලෝග්‍රෑම් 170 ක පමණ ප්‍රමාණයකින් යුතු මත්ද්‍රව්‍ය තොගයක නඩු කටයුතු අවසන් වූ බැවින් අධිකරණයෙන් ලැබූ නියෝග ප්‍රකාරව විනාශ කිරීම සඳහා එම තොගය 2026.01.02 වන අද දින උදෑසන වනාතවිල්ලුව ප්‍රදේශයේ ස්ථාපිත කර ඇති දහන උඳුන වෙත ගෙන ගොස් තිබෙන බව වාර්තා වේ.

මෙම මත්ද්‍රව්‍ය තොගය, මඩකලපුව කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය අනාවරණය කරගත් තොරතුරක් මත නාවික හමුදාවේද සහය ඇතිව 2021.09.07 වන දින මත පොලිස් භාරයට ගෙන වැඩිදුර විමර්ශන සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය වෙත භාර දී තිබුණි.

පොලිසිය සඳහන් කළේ , වැඩිදුර පරීක්ෂණ මගින් අනාවරණය වූ පරදි එම තොගයේ ශුද්ධ බර හෙරොයින් කිලෝග්‍රෑම් 106 ග්‍රෑම් 248 ක් හා අබිං මත්ද්‍රව්‍ය ග්‍රෑම් 90.5 ක් වන අතර පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශය විසින් 2026.01.02 වන අද දින උදෑසන 06.00 ට පමණ කොළඹ ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් මත්ද්‍රව්‍ය තොගය භාරගෙන පොලිස් විශේෂ කාර්ය බලකාය ඇතුලුව විශේෂ පොලිස් ආරක්ෂාව යටතේ ප්‍රවාහනය සිදු කළ බවයි .

අදාළ මත්ද්‍රව්‍ය තොගය භාර ගැනීමේ අවස්ථාව අධීක්ෂණය සඳහා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යංශ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති අශෝක ධර්මසේන මහතා, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ නිිලධාරීන්, රස පරීක්ෂක කාර්යාලය සහ අධිකරණ කාර්ය මණ්ඩලයේ නිලධාරීන් සහභාගී වූ බවද සඳහන් වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ජනවරම පාවා දෙන්න හදන්නේ. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාවට විපක්ෂ විරෝධය!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට ආණ්ඩුව ජනවරම පාවාදෙමින් 33%කින්...

කොළඹ වරායේ බහාලුම් මෙහෙයුම්වලින් ඉතිහාසගත වාර්තාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:කොළඹ වරාය ඉතිහාසයේ මෙහෙයුම් කළ වැඩිම බහාලුම්...

අලුත් අවුරුද්දට තේරිම අලුත් වීම

නිශ්මං රණසිංහ ජනවාරි 03, කොළඹ LNW: ශ්‍රී ලංකා රග්බි පරිපාලනය...

පාතාලය කවුරු ආරම්භ කළත් අපි එය අවසන් කරනවා – අධිකරණ ඇමති

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:පාතාලය කවුරුන් ආරම්භ කළත් එය අවසන් කරන්නේ...