ලක්ෂ 220 අසරණයි. මැති ඇමැතිවරු දේශපාලන සූදුවක ! – විපක්ෂ නායක සජිත් (VIDEO)

Date:

ලක්ෂ 220ක් ජනතාව අසරණව සිටින අවස්ථාවේ පාර්ලිමේන්තුවේ මැති ඇමතිවරු දේශපාලන සූදුවේ යෙදෙන අතර ලක්ෂ හතලිස් පහක් ජීවනෝපාය ලබාගන්නා, කුඩා හා මධ්‍යපරිමාණ කර්මාන්තකරුවන් ද අසරණ ව සිටින බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි. ඔවුන් පීඩාවට පත්ව සිටින බවත් ආණ්ඩුවේ කිසිවෙකුට ඒ පිළිබඳව වගේ වගක් නැති බවයි ඒ මහතා සඳහන් කළේ.

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් මුහුණදෙන ගැටලූව පිළිබඳව සාකච්ඡා කිරීමට නියෝජිත පිරිසක් ඊයේ (28) කොළඹ විපක්ෂ නායකයක කාර්යාලයට පැමිණි අතර එම අවස්ථාවේදී විපක්ෂ නායකවරයා මේ බව පැවසීය.

ඇස් බැන්දුම් චක්‍රලේඛ හරහා නීතිය ක්‍රියාත්මක කිරීම නවත්වන ලෙස ආණ්ඩුවට අවධාරණය කළ විපක්ෂ නායකවරයා ජනතාව ජීවිතය සහ මරණය අතර අර්බුදයක සිටින බව ද පැවසීය.

දේශපාලකයින්ට, කෝටිපතියන්ට, වංචාකාරයින්ට නැති පරාටේ නීතිය රටේ ආර්ථික එන්ජිම හසුරුවන ජනතාවට එල්ල වී ඇති බව කී විපක්ෂ නායකවරයා මධ්‍යස්ථ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සමාජ වෙළඳපොල රටේ ක්‍රියාත්මක විය යුතු බවත්, අන්ත ලිබරල්වාදය මේ වනවිට ලෝකයෙන්ම ප්‍රතිකේෂේප වන බවත් ප්‍රකාශ කළේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බලාපොරොත්තු සියල්ල මොහොතකට අතැර බොහෝ පිරිස් සමුදෙන ඊශ්‍රායලය!

රෂිකා හෙන්නායක ජූනි 19, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ):  මේ දිනවල...

ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහි නීති ඉවත් කිරීමේ පොරොන්දුවට යුරෝපා පාර්ලිමේන්තුවේ ප්‍රසාදය!

කොළඹ LNW:ශ්‍රී ලංකාවේ සමලිංගික ප්‍රජාවට එරෙහිව පවතින නීති ඉවත්...

නෙත්මි අවසන් පූර්ව වටයට

නිශ්මං රණසිංහ ජුනි 20, කොළඹ LNW: වියට්නාමයේ පැවත්වෙන ආසියානු කණිෂ්ඨ...