විනයක් ඇතිව ඉන්නවා නම් ඉන්න පුළුවන්, නැත්නම් යන්න පුළුවන් – මෛත්‍රීට පොහොට්ටුවෙන් පිළිතුරු

Date:

හිටපු ජනාධිපති, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අමුතු වචන හරඹයන් තුළ ගැබ්ව ඇති වෙනත් අරමුණු ඉටුකර ගැනීමට තමන් ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රී කණ්ඩායම ඉඩ නොතබන බව රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා අවධාරණය කරයි.

“අහෝ ඛේදයකි ! මොකද, මේ රටේ ජනාධිපතිවරයා හැටියට එතුමා ඉන්න කාලෙ සිදුවෙච්ච සිද්ධි පිළිබඳ මේ රටේ ජනතාවට ලොකු අවබෝධයක් තියෙනවා. මේ රටේ ජනතාව මැරිලා ඉපදිලා නෑ. අමුතු වචන හරඹයන් දාලා, පාවිච්චි කරන වචන තුළ මං හිතන්නෙ ගැබ්වෙලා තියෙන්නෙ වෙනත් අරමුණු. ඒ අරමුණු ඉටු කරගන්නට නම් අපේ කණ්ඩායම ඉන්නතුරු හැකියාවක් ලැබෙන්නෙ නෑ. අපි කියන්නෙ විනයක් ඇතිව ඉන්නවා නම් ඉන්න පුළුවන්, නැත්නම් යන්න පුළුවන් කියන කතාව තමයි කියන්න සිද්ධ වෙන්නෙ”

රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා මේ බව පැවසුවේ මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිදුකළ දැඩි ප්‍රහාරාත්මක ප්‍රකාශ සම්බන්ධයෙන් ඊයේ (06) බේරුවල ප්‍රදේශයේදී මාධ්‍යවේදීන් කළ විමසීමකට පිළිතුරු ලබාදෙමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රිය අනතුර අවස්ථාවේ හිටපු කථානායක රන්වල බීමතින් සිට නෑ ?

සපුගස්කන්ද ප්‍රදේශයේදී පසුගියදා සිදුවූ රිය අනතුරක් සම්බන්ධයෙන් හිටපු කථානායක,...

මාලිමාව රත්නපුර මහ නගරසභාවේ අයවැය දෙවැනි වරටත් පරදී !

සටහන - රුවන් නෙළුගොල්ල ජාතික ජන බලවේගයට බලය හිමි රත්නපුර...

2025 වසරේ විදේශ ගතවූ ශ්‍රි ලාංකිකයින් ප්‍රමාණය ඉහළට!

රෂිකා හෙන්නායක දෙසැම්බර් 19, කොළඹ LNW : මෙම වසරේ ගතවූ...

ආපදාවෙන් හානිවූ කෘෂි වගාවන් සඳහා වන්දි තක්සේරු කිරීම ඇරඹේ!

නදීක දයා බණ්ඩාර - මහනුවර කොළඹ LNW:ආපදා හේතුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ...