රනිල් රටේ නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කරන බවට අපට දැඩි ලෙස විශ්වාසයි – පොහොට්ටු ලේකම්

Date:

මේ රටේ නීතියේ ආධිපත්‍යය යළි ස්ථාපිත කළයුතුව ඇති බවත් ඒ සම්බන්ධයෙන් කළයුතු සියලුම දෑ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් කරනු ඇති බවට තමන්ට දැඩි විශ්වාසයක් පවතින බවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් සාගර කාරියවසම් මහතා අවධාරණය කරයි.

“රාජපක්ෂවරුන් මේ රටට තියෙන ළෙංගතුකම පිළිබඳව විශ්වාසය තියපු පුද්ගලයින්ට නැවත වතාවක් ඒ සත්‍යය උඩට ඇවිල්ලා ඒක ඔප්පු වෙන දවස වැඩි ඈතක නොවෙන බවට අපි විශ්වාස කරනවා. මම හිතනවා නැවතත් මේ ජනතාව අපිත් එක්ක එකතුවෙලා මේ රටට ආදරය කරන ජනතාව අපිත් එක්ක හිටගනී කියන එක. මේ රටේ ජාතික බලවේගය නියෝජනය කළේ රාජපක්ෂවරුන්. අද ඒ ජාතික නියෝජනයට, ජාතික මතයට දැඩි පහරක් වැදිලා තියෙන්නෙ. පළමුවෙන්ම මේ රටේ නීතියේ ආධිපත්‍යය අපි ස්ථාපිත කරන්න ඕනෙ, අභිනව ජනාධිපතිවරයා ඒ සම්බන්ධයෙන් සියලු පියවර ගන්නවා කියලා අපට දැඩි විශ්වාසයක් තියෙනවා”

සාගර කාරියවසම් මහතා මේ බව පැවසුවේ ඊයේ (28) පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බස් අනතුරින් බටහිර ඇෆ්ගනිස්ථානයේ අහිමි වූ ජීවිත ගණන 73ක්: 17 ක් කුඩා දරුවන්

රෂිකා හෙන්නායක අගෝස්තු 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කාබුල් බලා යමින්...

මහනුවර හෙක්ටයාර 3000ක අලුතෙන් වගා කිරීමට සැලසුම්!

කොළඹ LNW:වගා කළ හැකි නමුත් වගාවෙන් තොරව පවතින ඉඩම්...

සංස්ථා ලුණු මිල පහළට!

කොළඹ LNW:ලංකා ලුණු සමාගම විසින් අයඩින් මිශ්‍ර ලක් ලුණු...

දෙස් විදෙස් නිවාඩු තාවකාලිකව අවලංගු වීම ගැන සෞඛ්‍ය ක්ෂේත්‍රයේ දැඩි කතාබහක්!

රෂිකා හෙහෙන්නායක අගෝස්තු 20 කොළඹ LNW: විදේශීය සහ දේශීය නිවාඩු...