වැඩිය දඟලන්න එපා.. Netflix ත් නීතිය දන්නවා හරිය!

ප්‍රකාශන අයිතිය පිළිබඳ නීති ඉතාමත් බලවත් බව ඔබ දැන සිටියාද……..?

විදෙස් චිත්‍රපට හා ටෙලි නාට්‍ය මාලාවන් විකාශය කරන ජාත්‍යන්තර නාලිකා අතරින් වඩාත්ම ජනප්‍රිය නාලිකාවක් වන නෙට්ෆ්ලික්ස් (Netflix) එක්තරා ගීත රචකයන් දෙදෙනෙකුට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ගයකට එළඹ ඇති බවට වාර්තා වේ.

මීට හේතුව වී තිබෙන්නේ නෙට්ෆ්ලික්ස් නාලිකාවේ තිරගත වූ බ්‍රිජර්ටන් (Bridgerton) නම් ප්‍රේම වෘතාන්තයේ සංගීතය අවසරයකින් තොරව අදාළ අදාළ ගීත රචකයන් දෙදෙනා විසින් භාවිතා කර තිබීමයි.

මෙම බ්‍රිජර්ටන් කතාමාලාව වෙනුවෙන් සංගීතය රචනා කළ ඇබිගේල් බාර්ලෝ සහ එමිලි බෙයාර් යන දෙපළ විසින් උක්ත සංගීත ඛණ්ඩ එක්සත් ජනපදයේ කෙනෙඩි සෙන්ටර් හි දී සජීවී ප්‍රසංගයක් සඳහා යොදා ගෙන ඇති අතර, බ්‍රිජර්ටන් කතාමාලාව වෙනුවෙන් නිශ්පාදනය වූ අන් ඔෆීෂියල් බ්‍රිජර්ටන් මියුසිකල් (Unofficial Bridgerton Musical) නම් සජීවී ගීත ඇල්බමයේ ගීත මෙසේ සජීවී ප්‍රසංගය සඳහා ඔවුන් යොදා ගෙන තිබේ.

ග්‍රැමී සම්මානලාභී ඇබිගේල් බාර්ලෝ සහ එමිලි බෙයාර් ගීත රචක දෙපළට එරෙහිව මෙසේ නෙට්ෆ්ලික්ස් නාලිකාව නීතිමය ක්‍රියාමාර්ග ගෙන තිබෙන්නේ, එම සංගීත ඇල්බමයේ ප්‍රකාශන අයිතිය නෙට්ෆ්ලික්ස් සමාගම සතු බැවින් නිසි අවසරයකින් තොරව සජීවී ප්‍රසංගයක් සඳහා සංගීතය භාවිතා කිරීම මත ය.

ඒ අනුව එම ගීත රචක දෙපළට ප්‍රකාශන අයිතිය උල්ලංඝනය කිරීම (copyright infringement) යන චෝදනාව එල්ල කිරීමට නෙට්ෆ්ලික්ස් නාලිකාව කටයුතු කර තිබේ. වොෂිංටන් ඩී.සී හි ෆෙඩරල් අධිකරණයේ මෙම නඩුව ගොනුකර තිබේ.

බ්‍රිජර්ටන් කතාමාලාවේ සංගීතය රචනය කළ ඇබිගේල් බාර්ලෝ සහ එමිලි බෙයාර් දෙපළටම එරෙහිව මෙසේ නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නෙට්ෆ්ලික්ස් නාලිකාව කටයුතු කර තිබීම හරහා ප්‍රකාශන අයිතියට අදාළ නීති කෙතරම් බලවත් ද යන බව පසක් වේ.

මෙම ප්‍රකාශන අයිතිය සම්බන්ධ නීති ලොව තුළ මහත් ආන්දෝලනයක් ඇති කර තිබෙන අතර, යම් කලා නිශ්පාදනයකට අදාළව බුද්ධිමය අයිතිය ඇත්තේ එම නිශ්පාදනයට සෘජුව සම්බන්ධ වූ පාර්ශව වෙත යන තර්කය මත බොහෝ අවස්ථාවන් වල විවිධ පාර්ශව අධිකරණ ක්‍රියාමාර්ග වලට එළඹ ඇති අවස්ථා වාර්තා වේ.

ශ්‍රී ලංකාව වැනි රටවල මෙම ප්‍රකාශන අයිතිය පිළිබඳ සංවාදය තවමත් දුර්වල මට්ටමක ඇති බවත්, බොහෝ කලාකරුවන් තමන්ගේ කලාත්මක වටිනාකම කොල්ලකෑමට ඉඩ දී නිහඬව බලා සිටින බවත් ප්‍රවීණ ලේඛක උපුල් ශාන්ත සන්නස්ගල මහතා වරක පෙන්වා දී තිබේ.

ඉසුරු පරාක්‍රම-OBT

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඔක්තෝබර් 7 ප්‍රහාරයේ වගකීම ගැන නෙතන්යාහුට දැඩි පීඩනයක් — ඊශ්‍රායලයේ තීරණාත්මක මැතිවරණය හෙට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) ඔක්තෝම්බර් මස 26: 2023 ඔක්තෝබර්...

සැකකරුවෙකු පොලිස් භාරයේ සිටියදී මියයාම : හෝමාගම පොලිසියේ නිලධාරීන් තිදෙනෙකුගේ වැඩ තහනම්!

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 26, කොළඹ LNW : හෝමාගම පොලිස් ස්ථානයට...

ග්‍රාමීය සංවර්ධන වැඩසටහන් සඳහා 2026 වසරේදී රුපියල් මිලියන 180,000ක ප්‍රතිපාදන!

කොළඹ LNW:ප්‍රජා ශක්ති දිළිඳුකම තුරන් කිරීමේ ජාතික ව්‍යාපාරය ඇතුළු...

හරිතට දහයයි….

විශ්වවිද්‍යාලයක් බිහිවන්නේ කාලාන්තරයකට වරක් පමණි . එම ගමන වසර...