පකිස්තානයෙන් හොඳ ආරම්භයක්

Date:


නිශ්මං රණසිංහ ජනවාරි 08, කොළඹ LNW:

පකිස්තානයේ ආරම්භක පිතිකරුවන්ගේ ද,ආරම්භක පිතිකරුවන්ගේ ද සාර්ථක මැදිහත්වීම් මත,ශ්‍රී ලංකාව සහ පකිස්තානය අතර පැවත්වෙන විස්සයි විස්ස තරගාවලියේ ආරම්භක තරගයෙන් පකිස්තානයට කඩුලු 6 ක් ජයක් හිිමි වුණා.කාසියේ වාසියේ සිටම ජයග්‍රහණයට සමීප වූ පකිස්තානය එය ජය ගැනීමෙන් පසුව පළමුව පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කරනු ලැබුවා. එහිදී සල්මන් මිස්රා සහ මොහොමඩ් වසීම් විසින් එල්ල කරල ලද පීඩනය හමුවේ ශ්‍රී ලංකා ඉණිමේ ආරම්භය යහපත් වුණේ නැහැ.විශේෂයෙන් මිස්රා පන්දු ඕවර් 4 නිමා කළේ ලකුණු 18 ට කඩුලු 3 ක් සිය කමට හිමි කර ගනමින්.පන්දු ඕවර් 2.2 ක් යැවූ වසීම් කඩුලු 2 ක් ලබා ගනිමින් ලබා දී තිබුණේ ලකුණු 7 ක් පමණයි.
මේ අතරට එක් වූ සදාබ් ඛාන් එකම පන්දු ඕවරයක් තුළ කුසල් මෙණ්ඩිස් මෙන්ම ධනංජය ද සිල්වාත් ක්‍රීඩා පිටියෙන් ඉවත් කරමින් ඔවුන්ගේ කඩුලුවල හිමිකාරීත්වය ලබා ගත්තේ සිය පන්දු ඕවර් 4 ලකුණු 25 ට නිමා කරමින්.එපමණක්ම නොවේ තරගයේ අවසානයේ පන්දු 12 ක් තුළ නොදැවී ලකුණු 18 ක් ද ලබා ගත් සදාබ් ඛාන් එම තුන් ඉරියව් දක්ෂතා නිසා තරගයේ වීරයා හැටියට ද නම් කෙරුණා.


පකිස්තානු ආරම්භක පන්දු යවන්නන් ඇති කළ පීඩනය නොනැවතී පෙරට රැඟෙන යාමට සෙසු පකිස්තානු පන්දු යවන්නන් ද කැප වුණ අතර ඊට එරෙහිව සාර්ථක යැයි කිව හැකි ඉණිමක් ගොඬ නැඟුවේ ජනිත් ලියනගේ පමණයි.ඔහු පන්දු 31 දී ලකුණු 40 ක් ලබා ගන්නට සමත් වුණා.ඔහු හැරෙන්නට ශ්‍රී ලංකා පිතිකරුවන් කිසිවෙකුට ලකුණු 20 සීමාවට හෝ පැමිණිමට නොහැකි වීම කැපී පෙණුනා.මේ දුර්වලතාවයන් නිසා පකිස්තානයට ඉතුරු වුණේ ජයග්‍රහණය සඳහා හඹා යාමට ලකුණු 129 ක් පහසු ඉලක්කයක්.


පකිස්තානයේ ලකුණු 129 ක ඉලක්කය සාක්ෂාත් කර ගැනීම සඳහා ආරම්භක පිතිකරුවන් වූ සහීබ්ෂාඩා ෆර්හාන් (51) සහ සයීම් අයුබ් (24) ගෙන් ලකුණු 59 ක ආරම්භක කඩුලු සබඳතාවයක් ලැබුණා.ඒ සදහා ඔවුන්ට ගත වුණේ පන්දු ඕවර් 5.5 ක් පමණයි.පන්දු ඕවර් 20 ට ලකුණු 129 ක් අවශ්‍යය කණ්ඩායමකට පන්දු ඕවර් 14.1 ක් ඉතුරුව තිබියදී එක කඩුල්ලක් අහිමිව ලකුණු 70 ක් පමණක් අවශ්‍යය වීම යනු ජයග්‍රහණය කෙතරම් පහසු කිරීමක්ද යන්න සහතික කරමින් සහීබ්ෂාඩා 12 වන පන්දු ඕවර්යේ පස්වන පන්දුව තෙක්ම කඩුල්ලේ සිටිමින් පන්දු 36 දී ලකුණු 51 ක් ලබා ගනු ලැබුවා.ඔහු මත පදනම්ව ගෙවුණු පකිස්තාන ඉණිමට වනිඳු හසරංග සිය පන්දු ඕවර් 4 ලකුණු 17 ට නිමා කරමින් කඩුල්ලක් දවා ගනිමින් ද ධනංජය ද සිල්වා පන්දු ඕවර් 2 ක් එක් කඩුල්ලක් කබා ගනිමින් ලකුණු 4 ට නිමා කරමින් ද යම් තර්ජනයක් ඇති කළත්,ලකුණු 128 ක් යනු නූතණ විස්සයි විස්ස ජාත්‍යන්තර තරගයක සෑහිය හැකි ලකුණු පූවරුවක් බව යළි යළිත් තහවුරු කරනු ලැබුවා.
මේ ගමණට තර්ජනයක් වන ආකාරයෙන් පන්දු යැවීමට වනිදු සහ ධනංජය හැරුණු විට සෙසු ශ්‍රී ලංකා පන්දු යවන්නන් අසමත් වූ අතර පන්දු ඕවර් 16.4 ත් ගතවෙන තැන පකිස්තානු ලකුණු පූවරුව කඩුලු 4 ට ලකුණු 129 ක් බවට පත් වුණා.මෙහිදී අඩු ලකුණු පූවරුවක් රැකගන්නට යාමේ දී ඇතිවන පීඩනය නිසා පන්දු රැකීමේ දුර්වලතා ද මතුව පෙණුන අතර ඒ අතර තරගයේ අටවන පන්දු ඕවරය යැවූ දුෂ්මන්ත චමීරගේ පන්දු ඉදිරියේ දසුන් ශානක අතින් ගිලහී ගිය සහීබ්ෂාඩා ගේ උඩ පන්දුව තීරණාත්මක එකක් වුණා.ඒ වන විට ලකුණු පූවරුව 66 ක් ව තිබුණු අතර සශීබ්ෂාඩා ෆර්හාන් ලබා සිටියේ ලකුණු 36 ක් පමණයි.
තරග තුනකින් සමන්විත තරගාවලියේ පකිස්තානය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමට සමත්ව සිටින අතර එම තරගයේ ලකුණු පූවරුවට පහතින් පිවිසිය හැකියි.
https://bit.ly/49IZYXg

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

BLUE පෙරමුණට

නිශ්මං රණසිංහ ජනවාරි 09, කොළඹ LNW: ශ්‍රී ලංකා කාන්තා විස්සයි...

වත්මන් රජය පිළිබදව ජාත්‍යන්තරයෙන් දැඩි විශ්වාසයක්!

රෂිකා හෙන්නායක ජනවාරි 09, කොළඹ LNW : ජනතාව රජයට ගෙවන...

පිලිපීනයේ කුණු කන්දක් කඩා වැටීමෙන් එක් අයෙකු මියගොස් 38 දෙනකු අතුරුදන්

සටහන: සශිකලා මධුෂාණි ජනවාරි 09: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): පිලිපීනයේ සෙබු නගරයේ...

ආපදා කළමනාකරණ සැලසුමකට සජිත්ගෙන් නව යෝජනාවක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:රැකියා විරහිත උපාධිධාරීන් ද උපයෝගි කර ගෙන...