කොළඹ මහ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය විපක්ෂයට !

කොළඹ මහ නගරසභාවේ මුදල් කාරක සභාවේ බලය අත්පත් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම අද (14) සමත්ව තිබේ.

අද පැවති කාරක සභා රැස්වීමේදී ජාතික ජන බලවේගයේ කණ්ඩායම පරාජය කරමින් ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම එහි බහුතර බලය ලබාගෙන ඇත. කොළඹ නගරාධිපතිනී ව්‍රායි කැලී බල්තසාර් මහත්මිය නිල බලයෙන් එම කාරක සභාවට පත්ව ඇති අතර එහි සෙසු සාමාජිකයින් 5 දෙනාම පත්ව ඇත්තේ විපක්ෂයෙනි. ඔවුන් ලබාගෙන ඇති ඡන්ද සංඛ්‍යාව 60කි.

ඒ අනුව විපක්ෂ කණ්ඩායමට බලය හිමිව ඇති හෙයින් නගරාධිපතිනියට ඔවුන් සමග මුදල් කාරක සභාවේ කටයුතු කරගෙන යාමට මින් ඉදිරියට සිදුවේ.

මේ ආකාරයෙන්ම කොළඹ නගර සභාවේ පවතින කාරක සභා 23හිම බලය අත්පත් කරගැනීමට ඒකාබද්ධ විපක්ෂ කණ්ඩායම ඉදිරියේදී කටයුතු කිරීමට සූදානමින් සිටින බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

බ්‍රසීල මැතිවරණයට ට්‍රම්ප් පරිපාලනය මැදිහත් වන බවට ඇමරිකානු ඩිමොක්‍රටික් මන්ත්‍රීවරුන්ගෙන් චෝදනා

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 25 : ඇමරිකානු ජනාධිපති...

අල්ලස් චෝදනාවට සරණ ගුණවර්ධනගේ බිරිඳ රිමාන්ඩ්!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබාදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත්...

FIFA ප්‍රතිසංස්කරණයට ප්‍රමුඛ පෙළේ පාපන්දු ලීගයන්ගෙන් බලපෑම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 25, කොළඹ LNW : ලෝක කුසලාන තරඟාවලියේ...

කරුණා දයාවේ ප්‍රතිමූර්තිය ඉන්දිරා

"මගේ දියණිය ඉන්දිරා මගේ දේහයට රැගෙන අදට හරියටම අවුරුදු...