ආනයනික කිරිපිටි මිල පහතට!

කොළඹ LNW:එළඹෙන ජනවාරි 16 වෙනි දා සිට ආනයනික කිරිපිටි මිල අඩු කිරීමට නියමිත බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍යාංශය දැනුම් දෙයි.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝ ග්‍රෑමයක මිල අනිද්දා (16) සිට රුපියල් 125 කින් හා ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 50 කින් අඩු කිරීමට කිරිපිටි ආනයනකරුවන් එකඟතාව පළ කර ඇති බවයි අමාත්‍යාංශය පවසන්නේ.

ලෝක වෙළෙඳපොලේ කිරිපිටි මිල පහළයාම සැලකිල්ලට ගනිමින් එහි වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් කිරිපිටි මිල අඩු කිරීම සඳහා වෙළෙඳ අමාත්‍යවරයා කිරිපිටි ආනයනකරුවන්ගෙන් කළ ඉල්ලීමට ප්‍රතිචාර වශයෙන් එම මිල අඩු කිරීම සිදුව ඇත.

මේ අතර එළඹෙන අප්‍රේල් මාසයේදී යළි කිරිපිටි මිල අඩු කිරීමටද අපේක්‍ෂා කරන බව අමාත්‍යාංශය පවසයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් රාජපක්ෂගේ නඩුවකට ජානකී සිරිවර්ධන රිමාන්ඩ් කළේ ඇයි?: අධිකරණයේදී හෙළිවූ තොරතුරු

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට රුපියල් මිලියන 70ක අල්ලසක් ලබා...

ඉරානයේ සරාවාන් මෙහෙයුමකදී IRGC ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු ජීවිතක්ෂයට

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 24: ඉරානයේ ගිනිකොනදිග සිස්තාන්-බලුචෙස්තාන්...

සිංගප්පූරු ගිය ශිරන්ති ගැන තොරතුරක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 24, කොළඹ LNW : සිංගප්පූරු ගිය ශිරන්ති...