සටහන – රුවන් නෙළුගොල්ල
අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී 6 ශ්‍රේණියට අදාළ මොඩියුල සම්බන්ධයෙන් පැහැදිලි වරදක් සිදුව ඇති බවත් එම වරද නිවැරදි කරගෙන ඉදිරියට යාම සඳහා යම් කාලයක් අවශ්‍ය බැවින් 36 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කිරීම ලබන වසර දක්වා කල්දැමූ බවත් නාගරික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එරංග ගුණසේකර මහතා පවසයි.
“අධ්‍යාපනය කියන්නෙ මේ ගොඩනැගිල්ලක් හදනවා වගේ, පාලමක් බෝක්කුවක් හදවනවා වගේ සරල දෙයක් නෙවෙයි. අධ්‍යාපනය කියන්නෙ අපේ රටේ දරුවන්ගෙ අනාගතය. ඒකත් එක්ක සෙල්ලම් කරන්න අපිට කාටවත් අයිතියක් නෑ. එතන පැහැදිලි වැරැද්දක් වෙලා තියෙනවා. ඒ වැරැද්ද නිවැරදි කරගනිමින් අපිට යන්න කාලයක් අවශ්‍ය වෙලා තියෙනවා. ඒක නිසා මේ පිළිබඳ ජනතාවත් ඉතාමත් හොඳින් දැනුවත් කරලා මීටත් වඩා සාර්ථකව 6 වසරේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය ලබන වසරේ සිට ක්‍රියාත්මක කරන්න ආරම්භ කරනවා. ඒ නිසා මේ අධ්‍යාපන පරිවර්තනය කිසිසේත් නතර කිරීමක් කරලා නැහැ”
එරංග ගුණසේකර නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ කොලොන්නාව ප්‍රදේශයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනට සමගාමීව ඉදිකෙරුණු නිවාස තුනක් විවෘත කිරීම සඳහා ඊයේ (15) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


