ඉහල කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘත කරයි

Date:

මධ්‍යම කඳුකර ප්‍රදේශයට ඇඳ හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් තලවකැලේ, ඉහල කොත්මලා ජලාශයේ වාන් දොරටු දෙකක් තවදුරටත් විවෘත කර තැබීමට ජලාශභාර ඉංජිනේරුවරුන් විසින් අද (03) පියවර ගෙන තිබිණි.

ඉහල කොත්මලා ජලාශයේ ජල පෝෂක ප්‍රදේශයන්ට දින කීපයක සිට ඇද හැලෙන දැඩි වර්ෂාව හේතුවෙන් ජලාශයේ වාන් දොරටු පහෙන් දෙකක් මෙසේ විවෘත කිරීමට පියවර ගෙන ඇතැයි ඔවුහු සඳහන් කරති.

ජලාශයේ වාන් දොරටු මෙසේ විවෘත කර තැබීම නිසා ඉහල කොත්මලා ජලාශයට පහල ප්‍රදේශයේ කොත්මලා ඔයේ ජලය පරිහරණය කිරීමේදී ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙස නුවරඑළිය දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ සහකාර අධ්‍යක්ෂක රංජිත් අලහකෝන් මහතා ජනතාවගෙන් ඉල්ලා සිටිති.


-ක්‍රිෂාන්තන්-

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

යහපාලන සමයේ මුදල් අවභාවිත කිරීමක් ගැන මූල්‍ය අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක්!

2019 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් එප්පාවල...

අශෝක ජයතුංග e කොළම.

🍎මාළිමාව බලයට මෙතරම් කෑදරවීමේ මහා අනතුර.....? 🍎කුඩ්ඩන්, හොරුන් හා මිණීමරුවන්...

ලෝකය පුරා පැතිරී යන Labubu මේනියාව!

සටහන – පුලීජූනි 20, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): දැක්කම හුරුබුහුටි, තවකෙකුට...