කොත්මලේ පනන්ගම්මන ප්‍රදේශයේ සහ කොත්මලේ මහ පීල්ල ඇළ ගොඩ නැගීමට මහා ශ්‍රම මෙහෙයුමක්!

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW :

ඉකුත්දා සිදු වූ ආපදාවෙන් වැඩිම හානියක් සිදු වූ කොත්මලේ පනන්ගම්මන ප්‍රදේශයේ සහ කොත්මලේ මහ පීල්ල ඇළ ශ්‍රම මෙහෙයුමකින් යළි යථා තත්වයට පත් කිරීමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඒ අනුව, ඊයේ (17) දින ආරම්භ කළ එම කටයුතු හෙට (19) දින දක්වා සිදු කරනු ඇත.

කොත්මලේ පනන්ගම්මන ප්‍රදේශයේ ගම්මාන 20කට පමණ පිවිසෙන මාර්ගය සම්පූරුණයෙන්ම නැයයෑම හේතුවෙන් මාස 2කට ආසන්න කාලයක් එම ගම්මානවල පදිංචිකරුවන් දැඩි දුෂ්කරතාවයකට පත්විය.

මේ  හේතුවෙන් අනුරාධපුරයෙන් පැමිණි පිරිසක් ශ්‍රම දායකත්වයෙන් එම මාර්ගය මාර්ග සංවර්ධන අධිකාරියේ අධීක්ෂණය යටතේ යථා තත්වයට පත් කිරිමේ කටයුතු සිදු කරනු ඇත.

ගිනිගත්හේන ප්‍රදේශයේ පැමිණි තවත් පිරිසක් කොත්මලේ මහ පීල්ල ඇළ ප්‍රදේශයේ ප්‍රතිසංස්කරණ කටයුතුවල නියැලී සිටි බවත්, ඒ අනුව මෙම ශ්‍රම දායකත්වය සඳහා අනුරාධපුර සහ ගිනිගත්හේන ප්‍රදේශයේ 2000කට ආසන්න පිරිසක් පැමිණ ඇති බවත් වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...