අභාවප්‍රාප්ත හිටපු පා.ම. නන්දන ගුණතිලකගේ අවසන් කටයුතු ලබන 21 දා..

රෂිකා හෙන්නායක ජනවාරි 18, කොළඹ LNW :

අද (18) අලුයම , හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු මෙන්ම හිටපු අමාත්‍යවරයෙකු වූ නන්දන ගුණතිලක මහතා අභාවප්‍රාප්ත විය.

ඒ අනුව, දේහය 19 වන සදුදා උදෑසන 10.00 සිට සවස 4.00 දක්වා පානදුර නගර සභාවේ තැන්පත් කර තැබෙන අතර, 19 වන සදුදා සවස 6.00 සිට 21 වන බදාදා සවස 3.00 දක්වා වාද්දුව YMBA ශාලාව තුල තැන්පත් කර තැබෙන බව සඳහන් වේ.

පසුව, ඒ මහතාගේ අවසන් කටයුතු 21 වන බදාදා සවස 4.00 ට වාද්දුව මහජන ක්‍රීඩාංගණයේදී සිදුකෙරන බව දන්වා තිබේ.

කලක් රෝගාතුරව සිටි ඒ මහතා රාගම රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී අභාවප්‍රාප්ත වන විට 63 වන වියේ පසු විය.

ජනතා විමුක්ති පෙරමුණේ මුල් කාලීන ප්‍රබල සාමාජිකයෙකු වූ ඒ මහතා, එම පක්ෂය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ද තරඟ කළේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය යටතේ පාර්ලිමේන්තුවට පිවිසි ඔහු, වැඩබලන තැපැල් හා විදුලි සංදේශ අමාත්‍යවරයා ලෙසත්, සංචාරක අමාත්‍යවරයා ලෙසත් කටයුතු කර ඇත.

පසුකාලීනව ජනතා විමුක්ති පෙරමුණෙන් ඉවත් වී එක්සත් ජාතික පක්ෂය සමඟ එක් වූ ඒ මහතා, පානදුර නගර සභාවේ නගරාධිපති ධුරය ද හොබවනු ලැබීය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

අද (31) දවසේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන ප්‍රදේශ මෙන්න

සටහන - රුවන් නෙළුගොල්ල අද (ඔක්තෝබර් 31) දිනයේදී බස්නාහිර, සබරගමුව,...

එජාපයේ ප්‍රතිසංවිධානයක්. මිලේනියල් UNP සහ Gen Z UNP නිල වශයෙන් ප්‍රකාශයට පත්කරයි

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය ප්‍රතිව්‍යුහගත කරමින් මිලේනියල් UNP සහ...

කොළඹ උද්ධමනය 8.3% දක්වා ඉහළට !

ගෙවුණු ඔක්තෝබර් මාසයේදී කොළඹ පාරිභෝගික මිල දර්ශකය මත පදනම්...

කථානායකට එරෙහි විශ්වාසභංගය සංශෝධනය නොකළ නිසා 03 වැනිදා විවාදයට ගන්නේ නෑ – ඇමති බිමල්

කථානායක ජගත් වික්‍රමරත්නට එරෙහිව විපක්ෂය විසින් ඉදිරිපත් කර ඇති...