ජනපතිගේ කතාව හොදයි, ක්‍රියාවයි වැදගත්. කමිටු ක්‍රමය හරහා සහය දෙන්න සූදානම් – සජිත්

Date:

ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද කතාව මහපොළොවේ යථාර්ථයත් වේ යැයි සිතන බවත් සර්ව පාක්ෂික රජයක් සහ පාර්ලිමේන්තු කමිටු හරහා රට නැවත නගා සිටුවීමේ වැඩසටහනට සවියක් වෙන්න විපක්ෂයක් ලෙස තමන් ඇතුළු පිරිස සූදානම් බවත් එහි දී ඇමති කටු සුප්පු කරන දේශපාලනයකට කිසිසේත්ම සූදානම් නොමැති බවත් ඊයේ (3) පාර්ලිමේන්තු නව සභාවාරය විවෘත කිරීම අවසානයේ මාධ්යවේදීන් අමතමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සමස්ත කතාව දෙස බැලීමේදී එය ධනාත්මක හරයාත්මක කතාවක් බව පැවසූ විපක්ෂ නායකවරයා කතාවේ කරුණු ඒ අයුරින්ම ක්‍රියාත්මක විය යුතු බවත් සඳහන් කළේය.

එසේම මේ කතාවේ සාධනීයම පැතිකඩ ලෙස සර්ව පාක්ෂික එ්කාබද්ධ වැඩසටහන ක්‍රියාත්මක විය යුතු අාකාරය සම්බන්ධයෙන් මෙහි ප්‍රතිපාදන සදහන්ව අැති බවත් එහි දී එක් පැත්තකින් පක්ෂ නායකයන්ගෙන් සමන්විතවන සභාවක් හරහා කටයුතු කිරීමත්, අනෙක් අතින් ප්‍රජා සහභාගීත්ව රාජ්‍ය පාලනයක් උදෙසා මහජන සභාවක් නිර්මාණය වීමත් අධීක්ෂණ කමිටු ක්‍රියාත්මක වීමත් දක්නට ලැබෙන බවත් එකී කටයුතු අගය කරන බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නේය.

එසේම එම පාර්ලිමේන්තු අධීක්ෂණ කමිටු වර්තමාන බලතලවලින් ඔබ්බට ගිය ශක්තිමත් කමිටු ක්‍රමයක් හරහා ක්‍රියාත්මක විය යුතු බවට තමන් පෞද්ගලිකව විශ්වාස කරන බවද ඒ මහතා පැවසීය.

ඉදිරි සර්ව පාක්ෂික වැඩපිළිවෙළක ප්‍රධාන රාමුවේ කොටස් 3 මෙහි සඳහන්ව ඇති බැවින් කවුරුන් හෝ ඇමති කටු සූප්පු කර අවස්ථාවාදී සර්ව පාක්ෂික පාලනයකට ප්‍රවිශ්ඨ වීමට උත්සාහ කරන්නේ නම් එය සර්ව පාක්ෂික පාලනයක් නොවන බවත් එය ජනතාවගේ කරපිට බරක් පටවන පාලනයක් බවත් එම කරුණු ජනාධිපතිවරයාගේ කතාවේ අඩංගු නොවීම ගැන තමා සතුටු වන බව ද විපක්ෂ නායකවරයා ප්‍රකාශ කළේය.

ජාතික සභාව ශක්තිමත් කිරීම, පක්ෂ නායකයන්ගේ සභාව ශක්තිමත් කිරීම සහ ආංශික අධීක්ෂණ කමිටු බලගන්වා මේ ගමන ඉදිරියට යනවා නම් එය වඩාත් ප්‍රශස්ත බවත් ඒ මහතා පැවසීය.

ප්‍රතිපත්ති පිළිබඳ කිසිදු ගැටලුවක් නොමැති බවත් එම ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බවත් එසේ ක්‍රියාත්මක වීමේදී පාර්ලිමේන්තු ආංශික සභා හරහා පමණක් තම සහයෝගය ලබා දීමට කැමති බවත් විපක්ෂ නායකතුමා වැඩිදුරටත් කියා සිටියේය.

RN

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

මධ්‍යම පරිසර අධිකාරිය විසින් කතරගම පූජා නගරය අවට වෙළඳසැල් 32කට එරෙහිව නඩු පවරයි!

රෂිකා හෙන්නායක ජූනි 29, කොළඹ LNW : මධ්‍යම පරිසර අධිකාරිය...

ශ්‍රී ලංකාවට පහසු ජයක්

නිශ්මං රණසිංහ ජුනි 29, කොළඹ LNW: ආසියානු යොවුන් නෙට්බෝල් සූරතාවලියේ...

ගෙවුණු දිනයේ ඊශ්‍රායල් ප්‍රහාරවලින් පලස්තීන සාමාන්‍ය වැසියන් 81 දෙනෙකු ජීවිතක්ෂයට!

රෂිකා හෙන්නායක ජූනි 29, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ගෙවුණු දිනය...

ප්‍රමාදය සම්පූර්ණයෙන්ම අවසන් : අතිරේක රේගු අධ්‍යක්ෂ සීවලි අරුක්ගොඩ

රෂිකා හෙන්නායක ජූනි 28, කොළඹ LNW : කොළඹ වරායේ ආනයන...