ශ්‍රී ලංකා පිරිමි ෆුට්සාල් දකුණු ආසියාවේ පහළටම වැටෙයි

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW:

දකුණු ආසියාතික ෆුට්සාල් තරගාවලියේ ආරම්භක මොහොතේ දැක් වූ දක්ෂතා ක්‍රමයෙන් ගිලිහී යන බවක් කාන්තා සහ පිරිමි කණ්ඩායම් දෙකෙන්ම ගම්‍ය වෙමින් තිබීම කණගාටුදායක තත්ත්වයකි.එහි ප්‍රතිපලයක් ලෙස මේ වන විට පිරිමි කාණ්ඩයේ කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේදී ශ්‍රී ලංකාව අවසාන ස්ථානයට පත්ව ඇත.


මේ වන විට කිසිඳු තරගයක් ජය ගැනීමට අවස්ථාවක් නොලද,ශ්‍රී ලංකා පිරිමි කණ්ඩායම භූතානය සමඟ වූ තරගය පමණක් ජය පරාජයෙන් තොරව නිමා කර ගන්නට සමත් වී ඇත.ඔවුන් අවසාන වරට ජනවාරි 20 වන දින බංගලාදේශය මුණ ගැසුණු අතර එහිදී ගෝල 5-1 ක් ලෙස දරුණු පරාජයකට මුහුණ දුන්නේය.


තරගයේ මුල් කාර්තුවේ මුල් කොටස ද සාපේක්ෂව මුල් කාර්තුවම ද ශ්‍රී ලංකාව හොඳින් ක්‍රීඩා කරන බවක් දකින්නට ලැබිණ.එම කොටස් නිමා වන විට ලකුණු පූවරුව 2-1 ක් ලෙස තබා ගන්නට ශ්‍රී ලංකාව සමත් වූ අතර දෙවන අර්ධයේදී ශ්‍රී ලංකාවට කිසිඳු ගෝලයක් ලබා ගැනීමට ඉඩ නොදෙමින්,බංගලාදේශය ගෝල 3 ක් රැස් කරන්නට ක්‍රියා කළේය.
ශ්‍රී ලංකාව විසින් රැස් කරන ලද එකම ගෝලය මොහොමඩ් ෆයිසර් විසින් රැස් කරන්නට යෙදිණ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

රනිල් – සජිත් හෙට එකම වේදිකාවක

මහාමාන්‍ය ඩී. එස්. සේනානායක දේශපාලන පීඨයේ ආදි විද්‍යාර්ථයින්ගේ සංගමය...

ශිරන්ති රාජපක්ෂ රටින් පිටවෙයි !

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ...

නාමල් රාජපක්ෂ අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික...

චීනයට, ඉරාන–ඇමරිකා අර්බුදයේ මැදිහත්කරු විය හැකිද? ඉරාන විදේශ ඇමති බීජිං වෙත

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ඉරානය හා ඇමරිකාව...