එංගලන්තය සටනට සැරසෙයි…

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW:

එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා සංචාරයේ ආරම්භක තරගය ජනවාරි 22 වන දින කොළඹ ආර් ප්‍රේමදාස් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී පැවත්වීමට නියමිත අතර ඒ වෙනුවෙන් එංගලන්ත ක්‍රීඩකයන් සහභාගි වූ පුහුණු සැසියක් ජනවාරි 20 වන දින ආවරණය කිරීමට මාධ්‍යයට ඉඩ ලබා දී තිබිණ.


විස්සයි විස්සයි ලෝක කුසලානය අත ළඟ තිබියදී ඊට මුහුණ දීමට නියමිත බිමක ක්‍රීඩා කිරීමට ලැබීම එංගලන්තයට වාසිදායක තත්ත්වයකි.එසේම ශ්‍රී ලංකාවටත් තරගාවලියට පෙර ජාත්‍යන්තර අත්දැකීමට ඉඩ ලැබීම ද හොඳ අවස්ථාවකි.


එක්දින තරග තුනකට සහ විස්සයි විස්ස තරග තුනකට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකාවට පැමිණ සිටින එංගලන්ත කණ්ඩායමේ පන්දු යැවීමේ අංශයේ සිටින ලාංකේය තණතීරුවලින් බොහෝ පල නෙලා ගත හැකි එංගලන්ත සුපිරි දඟ පන්දු යවන්නා ලෙස අදීල් රශීඩ් නම් කිරීම අසාධාරණ නැත.


හැරී බෘක් ගේ නායකත්වය යටතේ පෙළ ගැසෙන එංගලන්ත එක්දින සහ විස්සයි විස්ස කණ්ඩායම්වල ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දි මාධ්‍යයට විවර වූ පුහුණු සැසියේදී අදීල් රශීඩ් පන්දු යවමින් සිටි ආකාරය ඡායාරූපයේ දැක්වෙයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

‘ශුද්ධ වූ මක්කා නගරය අත නොතබන්න’ සෞදියෙන් දැඩි අනතුරු ඇඟවීමක්

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16:සෞදි අරාබියේ ශුද්ධ නගරය...

එයාර්බස් මුදල් විශුද්ධිකරණ නඩුව: අද මොකද වුණේ?

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 16, කොළඹ LNW : ආන්දෝලනාත්මක එයාර්බස් (Airbus)...

ජපානයේ වයස අවුරුදු 100 ඉක්මවූ පුද්ගලයන් සංඛ්‍යාව ලක්ෂය ඉක්මවයි

සටහන: සශිකලා මධුෂාණීලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ) සැප්තැම්බර් 16: ජපානයේ වයස අවුරුදු...