වෙරළ සංරක්ෂණ බලකාය මාර්ග සංරක්ෂණය කරද්දී දෙහිවල – ගල්කිස්ස මහ නගරසභාව මර නින්දේ !

Date:

පහත ඡායාරූපවලින් දිස්වන්නේ දෙහිවල පාලම අසල වෙරළ තීරයේ පවතින දැඩි අපිරිසිදු තත්වයයි. දැනට සති ගණනක සිට මෙම ස්ථානයේ ජලය ගලායාම අවහිර වී පල්වතුර, පොලිතීන් සහ නොයෙකුත් අපද්‍රව්‍ය එකතු වී දැඩි පරිසර දූෂණයක් සිදුව තිබේ.

ප්‍රදේශවාසී ජනතාව දෙහිවල – ගල්කිස්ස මහ නගරසභාවට බදු ගෙවන නමුත් ඔවුන් මේ ගැන කිසිවක් කරන්නේ නැත. පරිසර පොලීසියක් ද සිටින නමුත් ඔවුන් රථ වාහන හසුරුවමින් සිටින අයුරු දැකගත හැකිය. වෙරළ සංරක්ෂණ බලකාය කරන්නේ උදෙන්ම මාර්ග දෙපස අතුගා කුණු ඉවත් කර උදේ 08.00 වනවිට ජාතික කොඩිය එසවීම පමණි. මේ වෙරළට එකතුවන කුණු කසළ කළමනාකරණය ගැන ඔවුන්ට වගේ වගක් නැත.

ඉඳහිටක ස්වේච්ඡා සංවිධානයක කවුරුන් හෝ පැමිණ මෙම ස්ථානය පිරිසිදු කරන නමුත් ප්‍රශ්නයේ ස්වභාවය අනුව එය ප්‍රමාණවත් නොවේ. මෙම ස්ථානය සම්පූර්ණයෙන් පිරිසිදු කිරීම ඔවුන්ට කළ නොහැක්කකි.

අපද්‍රව්‍ය ගලායාම වැළැක්වීම උදෙසා මෙම ස්ථානයෙහි දැලක් ද යොදා ඇතත් මේ වන්විට අපද්‍රව්‍ය පැමිණෙන්නේ දැලට ද ඉහළිනි. දිනපතා පිරිසිදු කළයුතු ස්ථානයක් වුවත් වගකිව යුතු කිසිදු පාර්ශ්වයක් ඊට මැදිහත් වන්නේ නැත.

දිනපතා මෙම වෙරළ තීරයට පැමිණෙන අය මේ ගැටලුව සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශ ලේකම්වරයාට, පොලීසිය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයාට සහ විපක්ෂ නායකවරයාට දැනුම් දී ඇතත් මේ සම්බන්ධයෙන් මේ දක්වාම කිසිවක් සිදුවී නොමැති බවත් වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

එක්දින කණ්ඩායම මෙහෙයවීම යළි අසලංකට – දසුන් එක්දින කණ්ඩායමෙන් ඉවතට

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: එංගලන්ත කණ්ඩායමේ ශ්‍රී ලංකා...

IMF වෙතින් යළි සහතික වීමක්!

කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කරලීමේ ක්‍රියාවලිය සඳහා...

මංචි වොල්බෝලයේ බී කොටසේ ජාතික තරග පොතුපිටියේදී

නිශ්මං රණසිංහ ජනවාරි 21, කොළඹ LNW: මංචි ජාතික වොලිබෝල් සූරතාවලියේ...

කෝටි 90ක් අයිස් සමඟ ලේනාගේ ගෝලයෙකුත් දැලේ!

කොළඹ LNW:අයිස් මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 60කට අධික ප්‍රමාණයක් සමග...