පළමු අර්ධයේ කරට කර සිට දෙවන අර්ධයේදී බින්දුවට වැටුණ ශ්‍රී ලංකා කාන්තාවන්ට දරුණ පරාජයක්

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW:

දකුණු ආසියානු ෆුට්සාල් තරගාවලිය පුරාම ශ්‍රී ලංකා ක්‍රීඩිකාවෝ මෙන්ම ක්‍රීඩකයෝද දරා අල්ලා ගෙන සිටීමේ ශාරිරික සහ මානසික යෝඝ්‍යතාවය ප්‍රමාණාත්මකව නොපෙන්වීමෙන් ජය ලැබ ගැනීමට තිබුණු අවස්ථා මඟ හැරී යාම බංගලාදේශය සහ ශ්‍රී ලංකාව අතර පැවති කාන්තා තරගයේදීත් පැහැදිළි විය.ශ්‍රී ලංකා කණ්ඩායම මේ තරගයේදී ගෝල 6-3 ක් ලෙස පරාජය ලැබුව ද,පළමු අර්ධය ගෝල 2-2 ක් ලෙස නිමා කිරීමට සමත් විය.


ශාරිරික දරා ගැනීමට වඩා මානසිකව එකිනෙකා අතර ඇති සබඳතාවය පවත්වාගෙන යාමට අවශ්‍යය කරන රිද්මය ගිලිහී යාමේ අවදානමක් කණ්ඩායම් තුළින් දෘශ්‍යමානවීම දිගින් දිගටම දැකිය හැකි තත්ත්වයකි.ආරක්ෂාව සහ ආක්‍රමණය අතර ඇති සමබර සබඳතාවය කළමණාකරනය කර ගැනීමේ දුෂ්කරතාවයේ හිදැස තුළින් ප්‍රතිවාදී ආක්‍රමණයේ ඇති ශක්තිය හීන කිරීම වෙනුවට පොහොසත් කර දෙන බව පෙන්නුම් කරයි.


ශ්‍රී ලංකාව ගෝලය වෙත පන්දුව යොමු කිරීමේ ශක්තියෙන් පොහොසත් අතර,එහිදී වේගය ප්‍රබලය.එහෙත් වේගයට අමතරව දැල අසළ සිට හෝ මදක් දුර සිට ගෝලය එල්ල කිරීමේ කාරණයට අදාළව කටයුත් කිරීමේ විවිධත්වයන් හී හිඟයක් පෙනෙන්නට නැත.එහි ප්‍රතිපලයක් ලෙස ප්‍රතිවාදියාගේ විවිධත්වය අවබෝධය කර ගැනීමේ ශක්තියේ හීනවීමක් දැකිය හැකි අතර මෙහිදී ප්‍රතිවාදියා ආක්‍රමණයේ කෙතරම් දක්ෂද ආරක්ෂාවේ දි දක්ෂ ද යන කාරණයට වඩා පරාජයට ඒ කාරණයන් දෙකේදී ශ්‍රී ලංකාව පෙන්වන පසුබෑම ද හේතු වේ.


බංගලාදේශ තරගයට අදාළ වීඩියෝව ද මෙම සටහනට අමුණා ඇති අතර එහිදී ශ්‍රී ලංකාව බංගලාදේශය ශ්‍රී ලංකා දැල තුළට පන්දුව යොමු කරන සිමාවේ දී ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් බොහෝ විට කරන්නේ පිටියෙන් ඉවතට එම ආසන්නයෙන්ම පන්දුව ඉවතට යොමු කරමින්,ආසන්න තැනෙක සිට නැවත නැවත ප්‍රහාරයට ඉඩ සැළසිමය.එසේම බංගලාදේශ දැල අසළදී ද ඔවුන් අතට පන්දුව පැමිණි අවස්ථාවලදී ද ඔවුන්ට පන්දුව සෑහෙන දුරක් ගෙන ඒමට හැකි ලෙස කරන දුරස්වීමක් ද දකින්නට ලැබිණ.ශ්‍රී ලංකාව දෙවන ගෝලයට පිවිසෙන ආකාරයේ සැළසුම් විවිධත්වයක් සමඟ තරග කළ හැකිව තිබුණානම් මෙම තරගයේ ආරම්භයේදී ගෝල 2-0 ක් ලෙස ඉදරියට පැමිණි ශ්‍රී ලංකාවට එම තත්ත්වය කළමණාකරනය කර ගන්නට තිබිණ.එහෙත් පළමු අර්ධය නිමා කරද්දීම බංගලාදේශයට ශ්‍රී ලංකාව සමඟ සමව 2-2 ක් ලෙස තරගයට අවතීර්ණ වන්නට ඉඩ සැකසී තිබිණ.

දෙවන අර්ධයේදී සපුරා දකින්නට ලැබුණේ බංගලාදේශ ආක්‍රමණයකි.ඔවුන් ගෝල 4 ක් ලබා ගනිද්දී ශ්‍රී ලංකාවට හිමි වුණේ එක් ගෝලයක් පමණි.කෙසේ වුවත් ශ්‍රී ලංකාවට හොඳ ඉදිරිගාමී සැළස්මකට වැඩ කළ හැකිනම් ෆුට්සාල් ක්‍රීඩාවෙන් දකුණු ආසියාවට යම් බලපෑමක් කළ හැකි බව පැහැදිළිය.රට පුරා වින්දනය පදනම් කර ගනිමින් බෝ වෙමින් පවතින ෆුට්සාල් බිම් වඩාත් හොඳින් නිරීක්ෂණය කර ක්‍රීඩාවේ තාක්ෂණය සමඟ ක්‍රීඩාව පොහොසත් කරන ස්ථාන බවට පත් කිරීම එහි වැදගත් පියවරක් වනු ඇත.
මේ තරගයේදී හ්‍රී ලංකාව වෙනුවෙන් වාර්තා වූ ගෝල තුනෙන් දෙකක්ම වාර්තා කරන්නට සමත් වූයේ ශ්‍රී ලංකා නායිකාව ඉමේෂා කන්කානම්ලාගේ ය.පළමු ගෝලය ශ්‍රී ලංකාවට ලබා දුන් ශානු පාස්කරන් ඉතිරි ගෝලයේ හිමිකාරීත්වය දැරීය.
තරගයේ වීඩියෝව…
https://www.youtube.com/watch?v=L8XTUs4YUOE

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...

බංගලාදේශ ගැටළුව ක්‍රිකට් දියාරු කර ලෝක දේශපාලනය අවුලවන සුලු නැද්ද?

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: බංග්ලාදේශ වේග පන්දු යවන...

ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

සටහන: සශිකලා මධුෂාණිජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28...

සත්‍යයේ මධුවිත ද මායා කුසලානවලින් අපි බිව්වෙ ?

සංතාප ගංතෙරේ‍,ඇතැම් විට සංතෝෂ ගිරි හිසේනිරන්තරයෙන් ඔබමොබ යනෙනඅපේ බර...