ඉරාන විරෝධතා අතරතුර මියගිය සංඛ්‍යාව නිල වශයෙන් තහවුරු කරයි; මරණ සංඛ්‍යාව 3,117 දක්වා ඉහළට

Date:

සටහන: සශිකලා මධුෂාණි
ජනවාරි 22: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): 2025 දෙසැම්බර් 28 වැඩ දා සිට ඇරඹි ඉරාන මුදල් ඒකකය විශාල වශයෙන් අවප්‍රමාණ වීම හා රාජාණ්ඩුවට එරෙහිව දියත් වූ උද්ඝෝෂණ හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව නිල වශයෙන් නිකුත්කර තිබේ.

එරට රාජ්‍ය මාධ්‍ය මරණ සංඛ්‍යාව 3,117 දෙනෙකු වශයෙන් වාර්තා කර තිබු අතර ඉරානයේ මාටර්ස් පදනම ප්‍රකාශ කර තිබුණේ, පෙළපාලිවලින් මියගිය අයගෙන් 2,427 දෙනෙකු සිවිල් වැසියන් සහ ආරක්ෂක හමුදාවන බවයි. කෙසේ නමුත් ඊට පරස්පරව එක්සත් ජනපදය පදනම් කරගත් මානව හිමිකම් ක්‍රියාකාරී ප්‍රවෘත්ති ඒජන්සිය (HRANA) පවසා තිබුණේ, විරෝධතා රැල්ල අතරතුර 4,519 දෙනෙකු මිය ගිය බවයි.

කෙසේ නමුත්, ඉරාන බලධාරීන් මෙම විරෝධතා ත්‍රස්තවාදී සිදුවීමක් ලෙස හෙළා දුටු අතර ප්‍රචණ්ඩ කැරලි එක්සත් ජනපදය විසින් අවුලුවා ඇති බව කියා සිටියේය.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් රජයේ මර්දනය පුළුල් ලෙස හෙළා දකිණු ලැබූ අතර, විරෝධතාකරුවන්ට සහාය දැක්වීම සඳහා මැදිහත් වන බවට තර්ජනය කට තිබු අතර පසුගිය සතියේ, සෞදි අරාබිය, කටාර් සහ ඕමානය ඇතුළු මැද පෙරදිග රටවල් කිහිපයක්, ඉරානයට පහර නොදෙන ලෙස ට්‍රම්ප්ට බලපෑම් කළ බව වාර්තා විය.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

රෂිකා හෙන්නායක ජනවාරි 22, කොළඹ LNW : ඉන්දියාවේ ආරාධනය පරිදි...

ඉන්දියානු ජනරජ දිනය සැමරීමට නාමල් සමග සජබ පොහොට්ටු පිරිසක් ඔඩිසා ප්‍රාන්තයට!

කොළඹ LNW:ඉන්දියාවේ ආරාධනය පරිදි ජනවාරි 26 වෙනිදාට යෙදෙන ඉන්දීය...

දිලිත්ගේ පස්රූල් පොතට නිපුනආරච්චි ගල් ලෑල්ලෙන් උත්තර දෙයි!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW: නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් දේශපාලන කරළියේ...

බංගලාදේශ ගැටළුව ක්‍රිකට් දියාරු කර ලෝක දේශපාලනය අවුලවන සුලු නැද්ද?

නිශ්මං රණසිංහ ජනවාරි 22, කොළඹ LNW: බංග්ලාදේශ වේග පන්දු යවන...