ආදිවාසී මායා කාන්තාවන් 36 දෙනෙකු දූෂණය කළ බවට චෝදනා විභාග කරයි

Date:

1980 ගණන් වලදී ආදිවාසී මායා කාන්තාවන් 36 දෙනෙකු දූෂණය කළ බවට චෝදනා ලැබූ හිටපු පැරාමිලිටරි සොල්දාදුවන් පස් දෙනෙකුට එරෙහිව ගෝතමාලාවේ නඩු විභාගය ආරම්භ කර තිබේ.

හමුදා ආන්ඩුව සහ වාමාංශික ගරිල්ලන් අතර සිවිල් යුද්ධයේ උච්චතම අවස්ථාවෙහි වසර පහක් පුරා මෙම අපයෝජනය සිදුවී ඇති බවට එරට හමුදාවන්ට චෝදනා එල්ල වී තිබේ.

වින්දිතයින් වෙනුවෙන් පෙනි සිටින නීතිඥයින් පෙනි සිටියේ, වින්දිතයින්ගේ ජීවිත විනාශ වී ඇති බවත්, මෙ අපයෝජනය සිදු වන විට එක් අයෙකුගේ වයස අවුරුදු 12 ක් පමණක් වූ බවත්ය.

මෙම ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වී ඇති පස්දෙනා අදාල චෝදනා ප්‍රතික්ෂේප කරති.ඔවුන් බන්ධනාගාරයේ සිට වීඩියෝ සම්මන්ත්‍රණයක් හරහා නඩු විභාගයට එක් විම සිදු වේ.

චුදිතයින් 1960-1996 යුද්ධයේදී බහුවිධ ම්ලේච්ඡ ක්‍රියා සඳහා චෝදනා ලත් ග්වාතමාලාවේ සිවිල් ස්වයං ආරක්ෂක මුර සංචාර යේ හිටපු සාමාජිකයින් වේ.එවකට ග්වාතමාලා නගරයේ අගනුවරට උතුරින් බජා වේරාපාස් හි කුඩා නගරයක් වන රබිනාල් අවට මෙම ස්ත්‍රි දූෂණ සිදුවී ඇති බවට චෝදනා එල්ල වි ඇත.

මෙම ප්‍රදේශය එවකට යුද සමයේදී දැඩි හානියට ඇති අතර 3,000 කට අධික පිරිසකගේ සිරුරු තැන්පත් කර ඇති සමූහ මිනීවළක් ඇති ස්ථානයකි.වින්දිතයින් 36 දෙනාගෙන් පස් දෙනෙකු පමණක් පළමු දිනයේ පෞද්ගලිකව නඩු විභාගයට සහභාගී වීමට එක් වේ.මෙය ග්වාතමාලාවේ එවැනි ආකාරයේ සිදු වීමකට අදාල පළමු නඩු විභාගය නොවේ.2016 දී, ආදිවාසී කාන්තාවන් ඝාතනය කිරීම, දූෂණය කිරීම සහ ලිංගික වහල්භාවයට පත් කිරීම සම්බන්ධයෙන් හිටපු හමුදා සාමාජිකයින් දෙදෙනෙකුට වසර 360 ක සිර දඬුවමක් නියම විය.

ග්වාතමාලාවේ 1996 වසරේ අවසන් වූ 36වසරක ගැටුම් වලින් පුද්ගලයන් 200,000ක් මිය ගොස් හෝ අතුරුදහන් වී ඇත.

SAHAN HEWAGAMAGE OUTBOUNDTODAY

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විදේශ ප්‍රේෂණ ලැබීමේ වර්ධනයක් – මුල් මාස අටට ඩොලර් බිලියන 5 ඉක්මවයි!

කොළඹ LNW: 2025 අගෝස්තු මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර්...

රුසියාව, යුක්රේනයේ අමාත්‍ය මණ්ඩල ගොඩනැගිල්ලට පහර දේ

සටහන: සශිකලා මධුෂාණි සැප්තැම්බර් මස 07: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ): රුසියාව විසින්...

වංචනික සහ ඉතා භයානක scam link එකකි – කිසිසේත්ම මෙය Click කරන්න එපා” – ශ්‍රී ලංකා පොලිසිය

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 07 කොළඹ LNW : ශ්‍රී ලංකා පොලිසිය...

කඩචෝරු කා සිනමාවේ පමණක් දක්නට ලැබෙන රාක්ෂයකු වීමට ඔබත් කැමති ද?

කඩචෝරු කා සිනමාවේ පමණක් දක්නට ලැබෙන රාක්ෂයකු වීමට ඔබත් කැමති ද?