විරාන්ගේ විශිෂ්ට ඉණිමක් සමඟ ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්,එහෙත් අවසාන පූර්ව තරගය අවිනිශ්චිතයි

Date:

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW:

සිම්බාබ්වේ සහ නැමීබියාව කේන්ද්‍ර කර ගනිමින් පැවත්වෙන අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන තරගාවලියේදී විරාන් චමුදිත දියත් කරන විශිෂ්ට ඉණිමත් සමඟ ශ්‍රී ලංකාව, දකුණු අප්‍රිකානු කණ්ඩායමට එරෙහිව කඩුලු 5 ක විශිෂ්ඨ ජයක් ලබා ගන්නට සමත් වෙනවා.සුපිරි හය වටයේ දී ශ්‍රී ලංකාව සහභාගි වූ තරග දෙකම ජය ගත් නමුත්,පෙර වරදක අඩු ලකුණු වේගය ඔවුන් මත අවසාන පූර්ව වටයට යාමේ අවස්ථාවට හරහට සිටින බව පෙනෙනවා.අයර්ලන්තය සහ ඇෆ්ගනිස්තානය අතර පැවත්වෙන තරගයෙන් ඇෆ්ගනිස්තානය ජය ගතහොත් ලකුණු වේගය අනුව ශ්‍රී ලංකාවට පරාජය වී සිටියත් ලකුණු වේගය අනුව ඔවුන් ශ්‍රේණිගත කිරීම්වල උඩට එනවා.අති විශිෂ්ඨ තරග වාරයක් ක්‍රීඩා කළ බවට ශ්‍රී ලංකා කණ්ඩායම හැඳින්විය හැකි වුව ද,ඔස්ට්‍රේලියාව සමඟ පැවති තරගයේදී ක්‍රීඩා කළ අතිශයින් දුර්වල වූ ක්‍රීඩා රටාව නිසා ශ්‍රී ලංකාව ලකුණු 58 ට දැවී යාමේ ඛේදවාචකය ඔවුන් පසුපස පැමිණෙමින් තිබෙනවා.


ශ්‍රී ලංකාවට සුබවාදි තත්ත්වයක් ඇති කරමින් අද තරගයට වර්ෂාවෙන් බාධා වී තරගය අවලංගු වුවහොත් හෝ අයර්ලන්තය ජය ගතහොත් මේ තරගාවලියේ වීරයා වන්නට තරම් තුන් ඉරියව් දක්ෂතා දක්වමින් විරාන් චමුදිත ඉදරියෙන් සිටිනවා.ඔහු මේ වන විටත් තරගාවලියේ වැඩි ලකුණු එකතුවෙන් ලකුණු 310 ක් ලබා ගෙන පෙරමුණේ සිටින්නේ ශතක දෙකක් ද සමඟයි.එසේම පන්දුවෙන්ද කඩුලු 4 ක් දවා ගෙන තිබෙන්නේ පන්දු ඕවරයකට ලකුණු 2.65 ක් වැනි ඉතා සුළු ලකුණු ගණනක් පමණක් ලබා දෙමින්.


දකුණු අප්‍රිකාව සමඟ පැවති තරගයේදී දකුණු අප්‍රිකාව සිය පන්දු ඕවර් 50 නිමාවේ ලකුණු 261 ක් කඩුලු 7 ට ලබා ගන්නට සමත් වෙනවා.ඔවුන් වෙනුවෙන් ලකුණු 116 ක විශිෂ්ට ඉණිමක් දියත් කළ වැන් ෂැල්මක් ලකුණු 50 දී ලබා දුන් පහසු උඩ පන්දුව ගිලිහී නොගියානම් සමහර විට වැඩි ලකුණු වේගයක් සහිතව හඹා යාම කළ හැකි මට්ටමට දකුණු අප්‍රිකාව දවා ගන්නට ද තිබිණ.ශ්‍රී ලංකාව වෙනුවෙන් අති විශිෂ්ට පන්දු යැවීමක් ප්‍රදර්ශනය කරමින් ලකුණු 46 ට කඩුලු 4 ක් දවා ගත් විග්නේෂ්වරන් ආකාශ්ගේ පන්දුවකට ෂොර්ට් මිඩ් විකට් හී සිටි කවීජ ගමගේ අතින් එම තීරණාත්මක උඩ පන්දුව ගිලීහී ගියේය.


කෙසේ නමුත් දකුණු අප්‍රිකාව සිය ආරම්භක කඩුල්ල වෙනුවෙන් ලකුණු 96 ක සබඳතාවයක් පවත්වමින් ආරම්භ කළ ඉණිම ලකුණු 191 ට සීමා කරන්නට ශ්‍රී ලංකා දඟ පන්දු යවන්නන්ගේන ලැබුණු සහය සුවිශේෂී විය.චාමික හීනටිගල ලබා ගත්තේ එක් කඩුල්ලක් වුව ද,ඔහු පන්දු ඕවර් 10 ලකුණු 29 ට සීමා කරමින් ඇති කළ පීඩනය දකුණු අප්‍රිකානු පිතිකරුවන්ගේ අසාර්ථකත්වයට තදින් බලපෑවේය.
පිළිතුරු ඉණිමේදී ශ්‍රී ලංකාවට හොඳ ආරම්භයක් නොලැබුණ ද,විරාන් චමුදිත සහ සෙනුජ නැකුණගොඩ එක්ව දෙවන කඩුල්ල වෙනුවෙන් ලකුණු 143 ක සබඳතාවයක් ඇති කළේ හඹායාම සඳහා අවශ්‍යය ලකුණු ප්‍රමාණයට වඩා හැම විටම ලකුණු පූවරුව තබා ගනිමින්ය.ලකුණු 166 ක් ව තිබියදී ශ්‍රී ලංකා ලකුණු පූවරුවේ දෙවන කඩුල්ල ලෙස වැකුණගොඩගේ නම සටහන් වූයේ ඔහුට හිමි විය යුතුවම තිබූ අර්ධ ශතකයක් අහිමි කරමින් ලකුණු 48 ට දැවී යමින්ය.ඉනික්බිති විරාන් ද ලකුණු 110 ට දැවී යාමෙන් අනතුරුව එම ලකුණු වේගය පවත්වා ගෙන යාමට එක ලකුණට වඩා වැඩි උවමනාවක් ලකුණු හය හතර ලබා ගැනීමට යොමු කිරීමේ තත්ත්වයක් දකින්නට ලැබුණු අතර එය ව්‍යර්ථවීම නිසාම තරගයේ ජයග්‍රාහී ලකුණ වාර්තා වෙද්දී සෙනුජ සහ විරාන් නිරන්තරයෙන් රඳවාගෙන පැමිණි ලකුණු 6 ක සාමාන්‍යය,ලකුණු 5.76 දක්වා පහත වැටී තිබිණ.


අවසානයේ කඩුලු 5 ක් නිරපරාදේ වීසි වී යද්දී ජයග්‍රහණය සඳහා යා හැකිව තිබුණු මඟ ඇහිරෙන්නට නොදී චාමික හීනටිගල තැන්පත් ඉණිමක් දියත් කළ අතර ඔහුගේ පාසල් සඟයා දුල්මිත් සිගේරා වේගයෙන් පන්දුවට පහර එල්ල කරන්නට උත්සාහ කරමින් දර්ශණිය හයේ පහරක් ද එල්ල කළ නමුත් එය මතම විශ්වාසය තබා පහර එල්ල කරන්නට ගත් උත්සාහය ව්‍යර්ථ වි නිලකුණු පන්දු වාර්තාවීම නිසා, ජයග්‍රහණය වාර්තා වූ මොහොතට වඩා පන්දු ගණනාවක් පසු වී ජයග්‍රහණය පැමිණියේය.
මේ නිසා ශ්‍රී ලංකාවේ ලකුණු ලබා ගැනිමේ වේගය ලකුණු සටහනේ දෙවන තැනට ගෙන ඒමට අවශ්‍යය ලකුණු වේගය අහිමි වූ අතර එයට වැන් ෂැල්මක් දවා ගැනීමට තිබූ පහසු අවස්ථාව මඟ හැරීම නිසා දකුණු අප්‍රිකානු ඉණිම ලකුණු 261 දක්වා දිගු වීමද හේතුවක් විය.මේ නිසා ශ්‍රී ලංකාවේ මෑතකාලීන ක්‍රිකට්වල දුර්වලකමේ අනන්‍යතාවයක් වන නිලකුණු පන්දු වැඩි වීම ද ගැන සිතමින් අයර්ලන්තය ඇෆ්ගනිස්තානය පරාජය කරන තෙක් බලා සිටින්නට සිඳුවනු ඇත.
පහතින් ලකුණු පූවරුවට පිවිසිය හැකිය. https://bit.ly/3MewdVp

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

41 වන Mrs. World රූප රාජිනියන් අතුරින් ලංකාවේ සබීනා දෙවන අනුශූරතාවයට!

සටහන – පුලී ජනවාරි 30, කොළඹ (LNW):  41 වන මිසිස්...

‘වේල්ගේ අවසාන පැතුම’: පුතාගේ අවමංගල්‍යය සඳහා ටෙක්සාස් මිනිසා නිදහස් කිරීම ICE ප්‍රතික්ෂේප කරයි!

රෂිකා හෙන්නායක ජනවාරි 30 , ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): ඇමරිකානු ආගමන...

කළාපයේ ක්‍රීඩා සංවර්ධනයට තිරසාර ආකෘතියක් ඇති කිරීමට දකුණු ආසියානු ඔලිම්පික් කමිටුවල එකඟතාවක්

නිශ්මං රණසිංහ ජනවාරි 30, කොළඹ LNW: දිගුකාලීන කලාපීය සහයෝගීතාවය සහ...