මාලිමා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත්අඩංගුවට ගැනීමට වරෙන්තු !

ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (02) වරෙන්තු නිකුත් කර තිබේ.

ඒ, ඔහුට එරෙහිව පවතින නඩු දෙකකට අදාළව අධිකරණය හමුවේ පෙනී නොසිටීම හේතුවෙනි.