ගිණිගෙන දැවෙන ගාසා තීරයේ මියගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළට

ඊශ්‍රායලය විසින් පලස්තීන ස්ලාම් ජිහාඩ් සංවිධානයට එරෙහිව දියක් කරන ගුවන් ප්‍රහාර හේතුවෙන් මේ වන විට මිය ගිය සංඛ්‍යාව 32 දක්වා ඉහළ ගොස් තිබේ. ඒ අතර කුඩා දරුවන් සය දෙනෙකු ඇතුළුව පලස්තීන ඉස්ලාමීය ජිහාඩ්(PIJ) කණ්ඩායමේ දෙවන ප්‍රධාන සටන්කාමියෙකු ද මිය ගිය බව වාර්තා කෙරේ.

පෙරළා පලස්තීනුවන් 600කට අධික පිරිසක් විසින් රොකට් හා මෝටාර් ප්‍රහාර ඊශ්‍රායලය වෙත එල්ල කළ බව ඊශ්‍රායල් රජය විසින් ද නිවේදනය කර ඇත. ඊශ්‍රායලය ප්‍රකාශ කර තිබුණේ පලස්තීනුවන්ගේ ක්ෂණික තර්ජනය හේතුවෙන් මෙලෙස ක්‍රියාත්මක වූ බවයි. එමෙන් ම බ්‍රේකින් ඩෝන් යන සංකේත නාමයෙන් හඳුන්වන මෙම නවතම මෙහෙයුම සතියක කාලයක් පැවතිය හැකි බවට ඊශ්‍රායල හමුදාව අනතුරු අඟවයි.

ඊශ්‍රායලය විසින් දකුණු ගාසා තීරයේ රෆා සරණාගත කඳවුරේ නිවසකට එල්ල කරන ලද ගුවන් ප්‍රහාරයකින් PIJ නායක Khaled Mansour ඝාතනය කිරීමෙන් පසුව මෙම ප්‍රහාර එල්ල විය. ගාසාවේ සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පලස්තීනුවන්ගේ මරණවලට අමතරව තුවාල ලැබූ පිරිස 200 කට වැඩි බව නිවේදනය කර ඇත.
මෙතෙක් ප්‍රදේශයේ විශාලතම සටන්කාමී කණ්ඩායම වන හමාස් – ඉස්ලාමීය ජිහාඩය මෙම ගැටුමට සම්බන්ධ වීමක් දක්නට නොලැබේ. එය සටනට සම්බන්ධ වීමට තීරණය කළහොත් එය වඩාත් අනතුරුදායක වනු ඇති බව විශ්වාස ‌කෙරේ.

එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් තත්වය උග්‍රවීම වළක්වා ගන්නා ලෙස සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටි අතර ඊශ්‍රායලයේ ආත්මාරක්ෂාව සඳහා ඇති අයිතිය තහවුරු කරමින් සිවිල් වැසියන්ගේ ජීවිත හානි පිළිබඳ වාර්තා සම්බන්ධයෙන් එක්සත් ජනපදයේ කනස්සල්ල සටහන් කළ බව රොයිටර් වාර්තා කර තිබේ.

තවදුරටත් ප්‍රචණ්ඩත්වය වැලැක්වීමේ අපේක්ෂාවෙන් ඊජිප්තුව ද දෙපාර්ශවය අතර මැදිහත්කරුවෙකු ලෙස මැදිහත් වී ඇති අතර අතරමැදියෙකු ලෙස ක්‍රියා කිරීම සඳහා නිලධාරීන් දූත පිරිසක් සෙනසුරාදා(06) ඊශ්‍රායලයට යවා ඇති බව වාර්තා වේ.

සශිකලා මධුෂාණී_

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

විපක්ෂ නායක සහ IMF නියෝජිත හමුවක්!

කොළඹ LNW:ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) දූත පිරිස සහ විපක්ෂ...

නව මහාධිකරණ විනිසුරුවරුන් තිදෙනෙකු පත් කෙරේ..

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : ජනාධිපති අනුර කුමාර...

ආපදා වාර්තාකරණයේ නව පරිච්ඡේදයක් : වාර්තා කිරීමේ සදාචාරාත්මක සියුම් රේඛාව හඳුනාගැනීමේ මෙහෙවරක්…

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ජාතික ව්‍යසනයකදී මාධ්‍යවේදියෙකුගේ උරහිස...

වසරේ මුල් භාගයේ ශක්තිමත් මූල්‍ය ක්‍රියාකාරීත්වය සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන IMF වෙතින් පැසසුම්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW: ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රතිසංස්කරණ...