රෂිකා හෙන්නායක පෙබරවාරි 05, කොළඹ LNW :
අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ.ලෝකයේ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කළේ.අපේ රටේ නිදහස් දිනයේ රටේ රාජ්‍ය නායකයාට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නෑ. ආණ්ඩුවට රාජ්‍ය නායකයට ඒක පිළිගන්න හයියක් නෑ ආත්ම ශක්තියක් නෑ යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පැවසීය. ඔහු මේ බව ප්‍රකාශ කළේ අද (05) දින සිදුකළ පාර්ලිමේන්තු කතාවේදීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ නාමල් රාජපක්ෂ
“විශේෂයෙන් අපේ ඇමතිතුමා සංවර්ධනය සහ වරාය පුළුල් කිරීම ගැන කිව්වා.ඒක හොඳයි.ඒ හින්දා තමයි අපි එදා ඉඳන්ම වරායවල් හදන්න පටන් ගත්තේ.හැබැයි ඔබතුමාලා තමයි විරුද්ධ වුණේ මතක ඇතිනේ.උද්ඝෝෂණ කරලා කෑගහලා.හැබැයි අද ගරු සභාපතිතුමිය,මම අද සතුටු වෙනවා මෙතුමන්ලාගේ කටින්ම ඒවා හොඳයි ඒවා පුළුල් වෙන්න ඕන ඒවා තව වෙනස් වෙන්න ඕනා කියලා යෝජනා කරන එක.හරියටම හරි අපි සතුටු වෙනවා.ඒ හින්ද ඔබතුමන්ලා අපි එදා කරන්න ආපු දේවල් පර්යන්ත හදනකොට මතක තියෙන විරුද්ධ වෙච්ච විදිය.දැන් ඒ විරුද්ධතාවයන් පැත්තක තියලා ඒවා දියුණු කරන්න මහන්සි වෙන එක ගැන සතුටු වෙනවා.
හැබැයි ඉතින් ඒ එක්කම ඔබතුමත් දන්නවා රෙඩ් කන්ටේනර් එළියට දැම්මම ජාත්‍යන්තර වශයෙන් තියෙන බලපෑම.ඒක දන්නවනේ නෑ කියන්න බෑ.දැන් ඔබතුමන්ලා 323 ක් එහෙම එළියට දාලා තියෙනවා.හැබැයි පරීක්ෂණ නෑ තව කුඩු තියන කන්ටේනර් දෙකක් ජාත්‍යන්තර බුද්ධි වාර්තා තියෙද්දිත් එළියට දාලා තියෙනවා.හැබැයි ඒවා ගැනත් ඔබතුමන්ලාගේ න්‍යාය පත්‍රය ඇතුලෙ පරීක්ෂණ නැහැ.අපිට එන්න කියලා ඒවා අහනවා අපිට එන්න කියලා වැඩක් තියෙනවද සභාපතිතුමිය,මේ අර ආණ්ඩුවෙන් පන්නපු කන්ටේනර් ගැන අපෙන් අහලා වැඩක් තියෙනවද.ඔයිට වඩා හොඳයි ඔබතුමන්ලා මුදල් විශුද්ධි කිරීමේ පනතයි පොදු දේපල පනතයි දෙකම එකතු කරලා 159 ක් තියෙන එකේ දේශපාලන පළිගැනීමේ කියලා අලුත් පනතක් හදාගන්න එක.එහෙනම් ඉතින් පාර්ලිමේන්තුවේ හිටපු අපේ ඔය ලේකම්තුමා ඇතුළුව ඒ ඔක්කොම ඔය පනතෙන් ගෙනියන්න පුළුවන්.
එතකොට කතානායකතුමා අමාරුවේ වැටෙන්නෙත් නෑ.ඉතිං ඒ හින්දා ඔබට දීපු පොරොන්දු ඉටුකර ගන්න බැරි වෙනකොට අරෙහෙ දිට්වා ගැන කතා කරනවා ඇහුණා. නිදහස් දිනයෙදිත් යුද්ධයේ අවසන් කරපු එක ආඩම්බරයෙන් කතා කරන්න බෑ ලෝකයේ හැම රටක්ම නිදහස සමරනකොට රෙජිමේන්තුව පිළිබඳව ඒ යුනිට් එක පිළිබඳව ඔවුන්ගේ ක්‍රියාකාරකම් ගැන ලෝකෙට කියනවා.සමහර රටවල් දෙවන ලෝක යුද්ධෙදි පළමු ලෝක යුද්ධෙදි ලබාගෙන ජයග්‍රහණ ගැනත් කියනවා.හැබැයි අපේ රටේ අපි වෙඩිමුර විසිඑක පැත්තකින් තියමුකෝ අඩුම ගානේ රෙජිමේන්තුවක් ලබාගත් ජයග්‍රහණ පිළිබඳව, එය කරපු කැපවීම ඒ තරුණ ජීවිත තමන්ගේ යුනිට් එක ලබපු ජයග්‍රහණය පිළිබඳව ආඩම්බරයෙන් කතා කරන්න බැරි නම් රටේ තියෙන ආණ්ඩුවට, ආණ්ඩුව හිතනවා හිතනවනම් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජය කරපු එක ජාතිවාදයක් කියලා නෑ ඒක ජාතිවාදය නෙවෙයි.
අපි දෙමළ ජනතාව එක්ක යුද්ධ කරේ නෑ.ලෝකයේ කාටවත් පරාජය කරන්න බෑ කියපු ත්‍රස්තවාදය තමයි අපේ ත්‍රිවිධ හමුදාව පොලිසිය සිවිල් ආරක්ෂක බලකාය පරාජය කළේ.අපේ රටේ නිදහස් දිනයේ රටේ රාජ්‍ය නායකයාට ඒක අභිමානයෙන් කියන්න කොන්දක් නැත්නම් ආණ්ඩුවට රාජ්‍ය නායකයට එක පිළිගන්න හයියක් නැත්නම් ආත්ම ශක්තියක් නැත්නම් ඔබතුමන්ලාගේ පෞද්ගලික දේශපාලන ගමන ඇතුලේ පොලිසිය හමුදාව ගැන ප්‍රශ්නයක් තියෙනවා.හැබැයි ඔබතුමන්වත් සමරනවනෙ කට්ටිය හැබැයි එහෙම සැමරුවා කියලා අපි ඔබේ දේශපාලන න්‍යායපත්‍රයට අපි මොකුත් කියන්නෙ නෑනේ.ඒක ඔබේ දේශපාලනය .හැබැයි අඩුගානේ යුද්ධය අවසන් කරන්න කැප වෙච්ච රණවිරුවන්ව ජාතික දිනයේදීවත් අගය කරන්න ආත්ම ශක්තියක් කොන්දක් නැත්නම් එතනින් එහාට මේ ආණ්ඩුවේ ක්‍රියා කලාපය ගැන කතා කරලා තේරුමක් නැහැ.
ආගමික නායකයන්ට ඇහුකම් දෙන්නේ නැහැ.අද කැබිනට් එකේ ඇමතිවරු ආණ්ඩුවේ මැති ඇමතිවරු ප්‍රසිද්ධියේ ආගමික නායකයන්ව විවේචනය කරනවා.ඒක ඔබතුමන්ලාගේ ලෝකයේ ආඩම්බරය වෙන්න පුළුවන් කාරණයක් වෙන්න පුළුවන්.හැබැයි අපේ සමාජයේ එහෙම එකක් නෑ.ආගමික නායකයෙක්ව විවේචනය කරන එක ආඩම්බර වෙන්න ඕන කාරණයක් නෙවෙයි. ඒක වැරදියි.වැරැද්දක් වැරැද්දක් විදියට පිළිගන්න නිහතමානී වෙන්න.ඔබතුමන්ලා ජීවත් වෙන ලෝකයේ ඒක මහා ලොකු ආඩම්බරකමක් වෙන්න පුළුවන් කාරණයක් වෙන්න ඇති. හැබැයි සාමාන්‍ය සමාජයේ සිවිල් සමාජයේ ඒක එහෙම නැහැ.ආගමික නායකයන්ට ඇහුම්කන් දෙන්න ආණ්ඩුව පුරුදු වෙන්න ඕන.
මහා සංඝරත්නය හිර ගෙවල් වල දාලා අර ත්‍රිකුණාමලයේ සිද්ධිය සම්බන්ධයෙන් අනිත් පැත්තෙන් යාපනයේ වෙනම හර්තාල් කරනවා නිදහස් දවසට.ඒවා දැක්කේ නෑ වගේ ඉන්නවා ඒවට පොලිස් ආරක්ෂාවත් දෙනවා.ඔය පිළිබඳව ඒ අයගේ අයිතියක් තියෙන්න පුළුවන් ඒ අයගේ අදහසක් ප්‍රකාශ කරන්න. හැබැයි ඉතින් ඒ අයිතිය ඇයි අනිත් අයට නැත්තේ.ඔබට දේශපාලනික වශයෙනුත් මූල්‍යමය වශයෙනුත් වාසියක් තියෙනවා නම්ද ඒ අයිතිය තියෙන්නේ.ඔබට මූල්‍යමය වාසියක් තියෙනවනම් විතරයිද අයිතිය තියෙන්නෙ.අද ජාතිවාදය අවුස්සන්නේ නෑ කිය කිය ගරු ජනාධිපතිතුමත් මේ ආණ්ඩුවේ ඔබතුමන්ලා එකසිය පනස් නම දෙනත් ජාතිවාදය අවුස්සනවා.
ඔබතුමන්ලා හිතනවානම් ඔබතුමන්ලාගේ ආණ්ඩුව විසින් දකුණේ බහුතරය විවේචනය කරන ගමන් ඩයස්පෝරාවයි උතුරේ ජනතාවගේ හදවත දිනාගන්න පුළුවන් කියලා ඒක වෙන්නේ නැහැ. ඒක දැන්වත් තේරුම් ගන්න.ඒක එහෙම කරන්නත් බෑ.මං දැක්කා ඔබතුමන්ලාගේ එක අමාත්‍යවරයෙක් මන්ත්‍රීවරයෙක්ද දන්නෙත් නැහැ නිදහස් දවසේ ණයට ගත්ත තුවක්කු ගෙනියන්නේ නැහැලු. ණයට ගත්තේ යුද උපකරණ ගෙනියන්නේ නැහැලු.කැබ් 1775 ක් ණයට අරන් පදින්න පුළුවන්.ඒ කාලේ කිව්වේ ඇඳුම ඉඳන් එක එක අයගෙන් ඉල්ලගෙන අඳිනවා කියල ඒවා හොඳයි. තව ඒවාත් අල්ලපු ගෙදරින් ඉල්ලගන්නවා කිව්වා මම ඒවා කියන්න යන්නේ නැහැ.ඒක හොඳයි හැබැයි ත්‍රස්තවාදය පරාජය කරවන්න ජාතික ආරක්ෂාව ගොඩනගන්න ලංකාවේ ත්‍රිවිධ හමුදාවේ පොලිසියේ උපකරණ ටික මහත් අභිමානයෙන් අපේ යුද ශක්තිය මේක කියන එක අපේ ජාතික ආරක්ෂාවෙ ශක්තිය මේක කියන එක ලෝකෙට පෙන්වන්න ලැජ්ජයි පුදුම ආණ්ඩුවක්නේ.
අර ධීවරයෝ සම්බන්ධයෙන් ලංකාවේ මුහුද තීරය ඇතුළෙනේ පහර දීලා තියෙන්නේ.එක පැත්තකින් ඔවුන් ධීවර රස්සාව ඇතුළෙම තියෙන අභියෝගයට මුහුණ දෙන්න ඕන ජීවිතයක් මරණයත් අතර තියෙන සටනක්.අනිත් පැත්තෙන් වියදම තෙල් මිල වැඩියි.තාක්ෂණය දෙනවා කිව්වා එස් .එම් .එස් වලින් මාළු ඉන්න තැන කියනවා කිව්වා ඒවා නෑ. හැබැයි ලංකාවේ මුහුදු තීරය ඇතුලට ඇවිල්ලා ගහලා යන්නේ අපේ ධීවරයට.මං දැක්ක ඉන්දියන් රජයෙන් කියල තියෙනවාා ඉන්දියන් වෙරළා රක්ෂකයින් වත් නාවික හමුදාවෙන් නෙවෙයි කියලා.ඒ වගේම මේ ධීවරයෝ කියලා තියෙනවා එතන සිංහල කතා කරන අය දෙමළ කතා කරන අය ඉඳලා තියෙනවා කියලා.ඒක එතකොට ඔබතුමන්ලා පෝෂණය කරන සංවිධාණාත්මක අපරාධකරුවොද මේ ධීවරයන්ට පහර දෙන්න කියලා ප්‍රශ්නයක් තියෙනවා.මොකද මේ ආණ්ඩුව පෝෂණය කරන සංවිධානාත්මක අපරාධකරුව පිරිසක් ඉන්නව.අද නාවික හමුදාව දාලා මුහුදුතීරය ආරක්ෂා කරගන්න බැරි නම් නාවික හමුදාවේ යුද ශක්තිය ජාතික නිදහස් දිනය දවසෙවත් පෙන්න ගන්න බැරි නම් ධීවරයන්ට ඇවිල්ලා ගහලා යන එක අහන්නත් දෙයක්ද.එනිසා ධීවරයාගේ ආරක්‍ෂාව තහවුරුකරන්නත් මේ ආණ්ඩුවට වගකීමක් තියෙනව කියලා මතක් කරලා දෙන්නන ඕන.
ඒ වගේම තමයි අර දිට්වා කුනාටුවත් සමඟ අසරණ වෙච්ච ජනතාව තාමත් ඉන්නවා.රජතුමා උත්සවයක් තියලා දීපු චෙක් ටිකක් අගරු වෙලා.ඒ චෙක් ටිකත් හැරිලා ඇවිල්ලා, ඒවට සල්ලි දැම්මද නැද්ද කියන්න හරියටම දන්නෙ නෑ අපි තවම හැබැයි ඒ පිළිබඳ ඔබතුමලා ගන්නා ස්ථාවරය මොකක්ද්ද ඒ පිළිබඳ ඔබතුමන්ලාගේ ආණ්ඩුව ගන්නා පියවර මොකක්ද ඒ වගේම තමයි අපි ගෞරවයෙන් ඉල්ලන්නේ කරුණාකරලා ආගමික නායකයෝ විවේචනය කරන එක නවත්වන්න.ජාතිවාදය අවුස්සන්නේ නෑ කියලා නැති ජාතිවාදයක් අවුස්සන්න මේ රටේ සමාජය තල්ලු කරන එක නවත්වන්න. අපේ දේශපාලනය ඩයස්පෝරාව එක්ක තියෙන ගනුදෙනුව මූල්‍යමය වශයෙන් කරගන්න. ඒකට මේ රටේ ජනතාව පවා දෙන්න එපා කියන්න ඉල්ලීමත් අපිි කරනවා“




