Home Uncategorized විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන...

විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන අද(11) නුවරඑළිය නගරයේදී!

0
8

රෂිකා හෙන්නායක පෙබරවාරි 11, කොළඹ LNW :

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, අද (11) ප.ව 2.30ට පමණ විෂ මත්ද්‍රව්‍ය උවදුර තුරන් කරන “රටම එකට” ජාතික මෙහෙයුමේ මධ්‍යම පළාත් වැඩසටහන නුවරඑළිය නගරයේදී පැවැත්වීමට නියමිත බව සඳහන් වේ.

මෙහි අරමුණ වන්නේ, මලෛගම් ජනතාව මුහුණ දී සිටින ප්‍රධාන සමාජ ගැටලුවක් ලෙස විෂ මත්ද්‍රව්‍ය උවදුර හඳුනාගෙන තිබෙන අතර, සියලු පාර්ශ්ව ඒකාබද්ධ කරගත් පුළුල් දැනුවත් කිරීමේ යාන්ත්‍රණයක් මගින් එම ජනතාව ඉන් මුදාගෙන ඔවුන් සමාජ සහ ආර්ථික වශයෙන් ඉහළට ඔසවා තැබීමයි.

විෂ මත්ද්‍රව්‍යවලට අදාළ වැටලීම්වලදී සක්‍රීය දායකත්වයක් ලබා දුන් පොලිස් නිලධාරින් 62 දෙනෙකු ඇගයීමට ලක් කිරීමද මෙහිදී සිදු කිරීමට නියමිත බවද සඳහන් වේ.