ආශිකා බ්‍රාහ්මණ
කොළඹ LNW:උගන්ඩාවේ පමණක් නොව ඩුබායි ඇතුළු රාජ්‍යයන්වලත් රඳවා තිබෙන මුදල් සම්බන්ධයෙන් විමර්ශන සිදුකරමින් පවතින බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේය.
අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (10) කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදීය.
ඒ, වංචා දුෂණවල විමර්ශනයන්හි ප්‍රගතිය පිළිබඳ මාධ්‍යවේදියෙක් කළ විමසීමට පිළිතුරු දෙමිනි.
මේ වන විටත් ඇතැම් විමර්ශන සිදුවෙමින් පවතින අතර ඇතැම් විමර්ශන අවසන් වී නඩු පැවරීම මෙන්ම අධි චෝදනා ගොණු කිරීම යන කරුණු සිදුවෙමින් පවතින බවයි අමාත්‍යවරයා කිය සිටියේ.
වත්මන් ආණ්ඩුව භාරගත්තේ අපරාධවලින් ගහණ රාජ්‍යයක් බවත් එහි එවැනි දේවල් රාශියක් සිදුව ඇති බවත් අමාත්‍යවරයා ප්‍රකාශ කළේය.
”උගන්ඩාවේ විතරක් එල්ලිලා ඉන්න එපා. ඩුබායි ඇතුළු ඇතුළු රටවලත් තිබුණ මුදල් ගැන විමර්ශන සිදුකරමින් පවතිනවා. මම දැක්කේ නැහැ නාමල් රාජපක්ෂවත් ඩුබායිවල තිබුන සල්ලි ගෙනාවද කියල අහනවා. ඒ නිසා ඒ කටයුතු සිදුවෙමින් පවතින බව කියන්න පුළුවන්. ඉදිරියේදී හෙළිදරව් වෙන කරුණු එක්ක බලමු මොකද වෙන්නේ කියල. කෙහෙල්බද්දර පද්මේ එක්කත් සබඳතා පැවැත්වූ දේශපාලකයින් එකිනෙකා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ගේන්න පටන් අරන් තියෙන්නේ. ඒ කටයුතු අනුව විමර්ශන දියත් වෙයි” යනුවෙන් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරන ලදී.


