ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරයි

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
ඉරානය සිය මිසයිල හැකියාවන් සම්බන්ධයෙන් එක්සත් ජනපදය සමඟ සම්මුතියකට එළඹීම ප්‍රතික්ෂේප කරන බව එරට රාජ්‍ය මාධ්‍ය වාර්තා කර තිබේ.

ඉස්ලාමීය විප්ලවයේ 47 වන සංවත්සරය සනිටුහන් කරමින් ඊයේ(11)දිනයේදී ටෙහෙරානයේ පැවති උත්සවයකදී ඉරානයේ උත්තරීතර නායකයාගේ උපදේශකයෙකුවන අලි ෂම්කානි මේ බව ප්‍රකාශ කර තිබිණි.

ඉරානයේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය සම්බන්ධයෙන් එක්සත් ජනපද සහ ඉරාන නිලධාරීන් අතර ඕමානයේ පැවැත්වෙන සාකච්ජා අතරතුර මෙම ප්‍රකාශය නිකුත්වී ඇති අතර ඉරාන බලධාරීන් මෙහිදී සඳහන් කරන්නේ, ඉරානය න්‍යෂ්ටික ගැටළු කෙරෙහි පමණක් අවධානය යොමු කිරීමට එකඟ වන අතර ඉරානයේ බැලස්ටික් මිසයිල වැඩසටහන සහ කලාපීය සන්ධාන පිළිබඳව සම්මුතියකට පැමිණීම ප්‍රතික්ෂේප කරන බවයි.

වොෂින්ටනය සහ ටෙහෙරානය තවත් සාකච්ඡා වටයක් ගැන සලකා බලමින් සිටියද, දිනයක් ප්‍රකාශයට පත් කර නොමැත.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

පුද්ගල නිදහස හකුළන රාජ්‍ය ත්‍රස්තවාදය අපට එපා – කොළඹදී උද්ඝෝෂණ! (PHOTOS)

කොළඹ LNW:තවදුරටත් රාජ්‍ය මර්දන නීති අවශ්‍ය නොවන බවට බල...

‘හරක් කටා’ වෛද්‍ය ප්‍රතිකාර සඳහා අධිකරණ නියෝගයක් ඉල්ලයි

රෂිකා හෙන්නායක ඔක්තෝබර් 29, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ...

ශ්‍රී ලාංකේය සිනමාවේ අමරණීය තාරකාව රුක්මණී දේවී

සටහන : සශිකලා මධුෂාණී ශ්‍රී ලංකාවේ පළමු කතානාද සිනමා නිර්මාණයේ...

හෝමාගම අපරාධ අංශයේ ස්ථානාධිපති රිමාන්ඩ්!

කොළඹ LNW:පොලිස් අත්අඩංගුවේ සිටියදී 29 හැවිරිදි තරුණයෙකු මියයාමේ සිද්ධිය...