හසීනාගේ පාලනයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වෙන පළමු ජාතික ඡන්ද විමසීම අද

Date:

සටහන: සශිකලා මධුෂාණි
පෙබරවාරි 12: ලෝකය(අවුට්බවුන්ඩ් ටුඩේ):
බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනා බලයෙන් පහ කිරීමෙන් පසු නව යුගයක් අපේක්ෂාවෙන් පැවැත්වෙන පළමු මැතිවරණය අද(12) පැවැත්වේ.

ලෝකයේ අටවන වැඩිම ජනගහනයක් වෙසෙන බංග්ලාදේශයේ අද දින ඡන්දදායකයින් මිලියන 127 කට ආසන්න සංඛ්‍යාවක් සිය ජන්දය ප්‍රකාශ කරනු ඇතැයි අපේක්ෂා කරන අතර මැතිවරණය දැඩි ආරක්ෂක විධි විධාන යටතේ පැවැත්වෙන බව කියවේ.

බංග්ලාදේශ මැතිවරණ කොමිසම (ECB) පවසන පරිදි, පාර්ලිමේන්තු මැතිවරණ කොට්ඨාශ 300 ක් සඳහා දිස්ත්‍රික්ක 64 ක ඡන්ද මධ්‍යස්ථාන 42,761 ක ඡන්දය ප්‍රකාශ කරන අතර මෙවර ඉතිහාසයේ පළමු වරට රට තුළ සහ ඉන් පිටත තැපැල් ඡන්ද හරහා ඡන්දය ප්‍රකාශ කිරීමට පසුකම් සැපයේ.

බංග්ලාදේශයේ බහුත්ව ඡන්ද ක්‍රමයක් ක්‍රියාත්මක වන හෙයින් ඡන්දදායකයින් අපේක්ෂක ලැයිස්තුවකින් එක් තේරීමක් කරන අතර, ඡන්ද ගණන් කිරීමෙන් පසු, වැඩිම ඡන්ද ලබාගත් අපේක්ෂකයා ආසනය දිනා ගනී.

ආසන 151 ක් දිනා ගන්නා පක්ෂය රාජ්‍ය බලය ද්දරන අතර දෙවන වැඩිම ආසන සංඛ්‍යාවක් ඇති පක්ෂය නිල විපක්ෂය සාදයි.

මෙවර මැතිවරණයට බංග්ලාදේශ ජාතිකවාදී පක්ෂය (BNP) සහ හසීනා බලයෙන් පහ කිරීමට දායක වූ තරුණ ක්‍රියාකාරීන් විසින් පිහිටුවන ලද ජාතික පුරවැසි පක්ෂය (NCP) ඇතුළු පක්ෂ 11 කින් සමන්විත ජමාත්-ඊ-ඉස්ලාමි නායකත්වයෙන් යුත් සන්ධානයක් තරඟ කරනු ලබයි. මෙවර මැතිවරණයේදී ජනතාව නව රජයක් තෝරා පත් කර ගැනීමට අමතරව, ව්‍යවස්ථාව සංශෝධනය කිරීම සඳහා වන ජාතික ප්‍රඥප්තිය පිළිබඳ ජනමත විචාරණයකට ද සම්බන්ධ වේ.

මෙවර මැතිවරණයේදී බංග්ලාදේශයේ පළමු කාන්තා අගමැතිනිය වූ කලීඩා සියාගේ වැඩිමහල් පුත්‍රයා වන බංග්ලාදේශ ජාතික පක්ෂයේ( BNP) වත්මන් සභාපති බංග්ලාදේශ දේශපාලනයේ කුමාරයා වශයෙන් සැලකෙන තාරික් රහ්මාන් ජයග්‍රහණය කිරීමේ වැඩි නැඹුරුවක් පවතින බවයි දේශපාන විචාරකයන් සඳහන් කරන්නේ,

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

උගන්ඩා අභියෝගයේ උඩින්ම විරේන් දුමිදුට සහ රනිත්මටත් ඉහළ තැන්

නිශ්මං රණසිංහ පෙබරවාරි 12, කොළඹ LNW: උගන්ඩාව,ශ්‍රී ලංකාවට මෑතකාලීන දේශපාලනික...

කැනඩාවේ Tumbler Ridge සමූහ වෙඩි තැබීමේ ඛේදවාචකයේ ඇතුල් පැත්ත..

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, ලෝකය (අවුට්බවුන්ඩ් ටුඩේ): කැනඩාවේ බ්‍රිටිෂ් කොලොම්බියා...

පොලීසියෙන් මහජනතාවට විශේෂ දැනුම් දීමක්!

රෂිකා හෙන්නායක පෙබරවාරි 12, කොළඹ LNW : අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව...

නිර්මාණත්මක විවේචනයක් වෙනුවට අශෝභන ෂෝ එකක්!

ආශිකා බ්‍රාහ්මණ කොළඹ LNW:මේ වන විට විපක්ෂයට ඇත්තේ නිර්මාණත්මක විවේචනයක්...