Home පුවත් අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

අනුර,රනිල් සහ මෛත්‍රී වෙත ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නොතීසි!

0
4

ආශිකා බ්‍රාහ්මණ

කොළඹ LNW:ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් වූ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළව හිටපු ජනාධිපතිවරුන් වන මෛත්‍රිපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ සහ වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මෙන්ම නීතිපතිවරයා ඇතුළු පාර්ශව කිහිපයකට නොතීසි යැවීමට පියවර ගන්නා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කර තිබේ.

එම නියෝගය නිකුත් කර ඇත්තේ මෙරට කාන්තාවන්ට සහ පිරිමින්ට ජීව විද්‍යාත්මක පදනමින් බැහැරව තම අභිලාෂය පරිදි සැත්කම් මගින් ලිංගික අනන්‍යතාවය වෙනස් කර ගැනීම සඳහා පහසුකම් සලසමින් පසුගිය රජයන් සහ වර්තමාන රජය ක්‍රියාත්මක කර ඇති වැඩසටහන් සහ චක්‍රලේඛ නීති විරෝධී බවට තීන්දුවක් ලබාදෙන ලෙස ඉල්ලා ගොනුකර තිබූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන ත්‍රි පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ එම පෙත්සම සලකා බැලුණු අතර ගුවන් හමුදාවේ විශ්‍රාමික ආබාධිත රණවිරුවකු වන ශාන්ත ජයතිලක විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර තිබුණි.

එම පෙත්සම ජූලි මස 20 වැනිදා යළි සලකා බැලීමට නියමිත අතර දන්වමින් එහි වග උත්තරකරුවන්ට සතියක් තුළ නොතිසි යැවීමට පියවර ගන්නා ලෙස ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට නියෝග කරන ලදී.