හිටපු RMV නියෝජ්‍ය කොමසාරිස්වරියක් අත්අඩංගුවට!

රෂිකා හෙන්නායක පෙබරවාරි 13, කොළඹ LNW :

මුදල් අමාත්‍යාංශයේ වෙළද හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ මේ වනවිට සේවය කරන, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ කාර් පැවරුම් අංශයේ හිටපු නියෝජ්‍ය කොමසාරිස්වරියක් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ , 2017 වසරේ පෙබරවාරි මස 17 වන දින GZ 6889 දරණ මෝටර් රථය නීත්‍යානුකූල නොවන පැවරීමක් සිදු කිරීම සදහා අනුමැතිය ලබාදීමේ චෝදනාව මත බව සඳහන් වේ.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පැවසුවේ, ලද තොරතුරක මත සිදු කෙරන විමර්ශනයක් අනුව සැකකාරිය අත්අඩංගුවට ගත් බවයි. පසුව සැකකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබෙන බව වාර්තා වේ.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

ඉරාන-රුසියානු රහස් හමුව සහ මැදපෙරදිග යුද්ධයේ ඉදිරි අනාගතය!

රෂිකා හෙන්නායක නොවැම්බර් 06, කොළඹ LNW : සමකාලීන ජාත්‍යන්තර දේශපාලනය...

පිළිකා රෝගී විකිරණ ප්‍රතිකාර සේවා කඩිනම් හා කාර්යක්ෂම කිරීමට විශේෂ වැඩපිළිවෙලක්!

කොළඹ LNW:මෙරට පිළිකා රෝගීන් සඳහා විශේෂිත ප්‍රතිකාර හා සත්කාර...

විශ්‍රාමික නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරයෙකු සහ සුරාබදු කෝප්‍රල්වරයෙකු අල්ලස් දැලේ!

ආශිකා බ්‍රාහ්මණකොළඹ LNW:අල්ලස් ලබා ගැනීමේ චෝදනා මත විශ්‍රාමික නියෝජ්‍ය...