නීතිඥවරයා ඝාතනයට වෙඩික්කරුවන් ආ බවට සැක මෝටර් රථය ගාල්ලේ බද්දේගම ගිනි ගනිමින් තිබියදී සොයා ගැනේ!

රෂිකා හෙන්නායක පෙබරවාරි 15, කොළඹ LNW :

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඝාතනය කිරීමේ සිදුවීම සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

මෙම අපරාධය සංවිධානාත්මක අපරාධකරුවෙකු විසින් මෙහෙයවා ඇති බවට සැක කෙරෙන අතර, ඝාතකයින් පැමිණි බවට සැක කරන මෝටර් රථය බද්දේගම ප්‍රදේශයේදී ගිනිබත් කර තිබියදී සොයාගෙන තිබේ.

අදාළ නීතිඥවරයා මීට පෙර මෙම අපරාධකරුගේ නඩු කටයුතු වෙනුවෙන් පෙනී සිට ඇති බවත්, වෙඩි තැබීම සුපිරි වෙළෙඳ සංකීර්ණයක රථ ගාලකදී සිදුව ඇති බවත් අනාවරණය වේ.

සැකකරුවන් කොටු කර ගැනීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් දහයක් යොදවා ඇති අතර විවිධ විමර්ශන අංශ ඒකාබද්ධව කටයුතු කරයි.

මෙම ම්ලේච්ඡ ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් සොයා බුද්ධි අංශ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අඛණ්ඩව මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ලබයි.

Share post:

spot_imgspot_img

Popular

More like this
Related

“සැබෑ වරදකරුවන් තවමත් නිදහසේ සිටිනවා”පාස්කු ඉරිදා ප්‍රහාරයේ වැරදිකරුවකුගෙන් ප්‍රකාශයක්!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : "සැබෑ වරදකරුවන් තවමත්...

විදුලිබල සහන සඳහා රු. බිලි. 17.2ක අතිරේක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුව අනුමත කරයි.

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : විදුලි බිල්පත් සම්බන්ධයෙන්...

ශ්‍රී ලංකාව ලබා ඇති කැපී පෙනෙන ප්‍රගතිය IMF අගයයි!

රෂිකා හෙන්නායක සැප්තැම්බර් 23, කොළඹ LNW : පසුගිය වසර කිහිපය...

ගෙවුණු අගෝස්තුවේ සේවා අපනයනවල කැපී පෙනෙන වර්ධනයක්!

කොළඹ LNW:2026 අගෝස්තු මාසයට අදාළව ශ්‍රී ලංකාවේ අපනයන කාර්යසාධනය...